World

ගබ්සාව නීතිගත කරන්නැයි මෙක්සිකෝවේ විරෝධතාවක්

මෙක්සිකෝවේ සමස්ත කාන්තා ප්‍රජාවටම සිය කැමැත්ත මත ගබ්සාවක් සිදුකරගැනීමේ අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් ‘මෙක්සිකෝ සිටි’ අගනුවර පැවැති විරෝධතාවක් ගැටුමකින් අවසන්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සාම්ප්‍රදායික කතෝලික ආගමිකයින් බහුතරයක් වාසය කරන මෙක්සිකෝවේ බහුතර කලාප තුළ ගබ්සාව නීති විරෝධී කටයුත්තක් ලෙසින් සැලකෙයි.

කෙසේ නමුත් රට පුරාම ගබ්සාව නීතිගත කරන්නැයි ඉල්ලා එරට කාන්තා ක්‍රියාකාරීන් රැසක් කාලයක පටන් හඬ නගන්නේ සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට යමිනි.

පසුගියදා මෙවන් ක්‍රියාකාරීන් පිරිසක් පැවැත්වූ රැළියක් විසුරුවාහැරීමට පොලීසිය ගත් උත්සාහය ගැටුමකින් අවසන් වූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි.

රැළිය සංවිධානය කර තිබුණේ මෙක්සිකෝවේ අගනුවර වන ‘මෙක්සිකෝ සිටී’ හිදීය.

මේ රැළිය පැවැත්වුණේ ලෝක සුරක්ෂිත ගබ්සා දිනය සමරමිනි.

කෙසේ වෙතත් කාන්තා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිසිය කණ්ඩායමක් විරෝධතාව විසුරුවාහැරීමට ගත් උත්සාහයේ දී දෙපිරිස අතර ගැටුමක් හටගත් බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය වසරේදී, මෙක්සිකෝවේ දකුණුදිග ඔහාකා ප්‍රාන්තය ඇතුලු කලාප කිහිපයක ගබ්සාව සඳහා නීතිමය හිමිකම ස්ථාපනය කෙරුණි.

එහෙත් මෙක්සිකෝවේ අන් සියලු කලාපයන්හි ගබ්සාව නීති විරෝධීය.

මේ කලාපවලද ගබ්සාව නීතිගතකිරීම කාන්තා ක්‍රියාකාරීන්ගේ උත්සාහය වී තිබේ.

Related posts

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

Admin

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

ජර්මනිය ඉස්ලාම් විරෝධයෙන් ඇවිලෙයි – ව්‍යාපාරික ස්ථානවලටත් පහර දෙයි

colombotoday

දින 100ක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ සිටින විද්‍යාඥයා

Admin

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

මිනිස් ශරීර කොටස් සහිත ගමන් මලු 45ක් උතුරු මෙක්සිකෝවේ කැළෑවකින් හමු වෙයි

Admin