Colombo Today Local News

කෝවිඞ් වසංගතයෙන්, මධ්‍යගත සෞඛ්‍ය පද්ධතියක වටිනාකම සනාථ කළ බව ජනපති පෙන්වා දෙයි

කොවිඩ් නයින්ටීන් වසංගතය, මධ්‍යගත සෞඛ්‍ය පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සනාථ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙරට බොහෝ රෝහල්වල පාලනය පළාත් සභාවලට පවරා තිබුණ ද සෞඛ්‍ය අර්බුදයකදී පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරීත්වය යටතේ පවතී.

සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට සම්පූර්ණයෙන්ම පවරා තිබුණේ නම් කොවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ මෙරට දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාවය බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇතැම් කාර්යයන් විෂයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වා ගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ බවත් අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත්‍රයක් බව ජනාධිපතිවරයා පවසයි.

කැළණිය, නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ අද (05)දින ආරම්භ වූ වැඩමුළුවක ආරාධිත දේශනය සිදුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුවට සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා තෝරාගනු ලැබ සිටින ආධුනික වෛද්‍යවරු 680 ක් එක්ව සිටියේය.

Related posts

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 7ක් නාවික හමුදා බාරයට

colombotoday

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday

නියෝජ්‍ය ඇමතිධූර ගණන 25ට වඩා වැඩි වෙයි

Admin

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

colombotoday

මිල කළ නොහැකි වටිනා මැණික් 3ක් ආරක්ෂාවට ලංකා බැංකු සේප්පුවේ තැන්පත් කිරීමට රැගෙන යයි

colombotoday

උඩ පළාත ප්‍රා.සභා මන්ත්‍රීලා ගුටි ඇනගනිති… සභාපති, විපක්ෂනායක රෝහලේ

colombotoday