Colombo Today Local News

කෝටි දෙකක කේරළ ගංජා තොගයක් මන්නාරමෙන් හමුවෙයි…

තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සඟවා තිබියදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා බුද්ධි තොරතුරක් මත නාවික හමුදාව හා පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදීයි අදාළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ.

ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවයි පොලිසිය සඳහන් කළේ.

ජාවාරම්කරුවන් විසින් බෝට්ටු මගින් ගෙනැවිත් මෙරට බෙදාහැරීම සඳහා සූදානම් කර තිබියදී ඒවා සොයාගෙන තිබෙනවා.

ගංජා තොගය මන්නාරම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන තලෙයිමන්නාරම පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

Related posts

ගොයම් කපමින් සිටි මවක් වන අලි පහරින් මරුට

Admin

අල්ලස් ගත් කම්කරු කාර්යාල නිලධාරි‌යා අත්අඩංගුවට

colombotoday

ගොඩ යන්නනම් එජාපයට ප්‍රබල සැත්කමක් කලයුතුයි – රවී කරුණානායක

colombotoday

හාල් නෑ කියන්නේ කුහකකමට-මාලිමා මන්ත්‍රී

Admin

පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටි කිසිවකු අසමත් නෑ… දෙමාපියන්ට, ගුරුවරුන්ට සිතන්නට යමක්…..

colombotoday

ජයන්ත විජේසේකර විමල්ව අතහරී.. මෛත්‍රීට එක්වෙයි

colombotoday