Colombo Today Local News

කොළඹ නගර සභා 150 උත්සවයේ වියමද කෝටි 7යි

කොළඹ මහ නගර සභාවට වසර 150ක් පිරීම නිමිත්තෙන් දෙසැම්බර් 13 හා 14 දිනයන් හිදී නගර සභා පරිශ්‍රයේ පැවති උත්සවය සඳහා රුපියල් කෝටි හතකට වැඩි (රුපියල් 70254808.32) මුදලක් වැයකර ඇති බවට කොළඹ නාගරික කොමසාරිස් වී.ඒ.කේ.අනුර මහතා නගර සභාවේ මුදල් කමිටුවට යොමු කළ වාර්තාවක සඳහන් වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළුව මැති ඇමතිවරුන් රාශියක් එක්ව සිටි මෙම උත්සවය සඳහා පුවත්පත් දැන්වීම්, සමරු කාසි නිකුත් කිරීම, මුද්දර නිකුත් කිරීම, කොෆි ටේබල් පොත් සැකසීම, විදේශීය තානාපතිවරුන් හා නගරාධිපතිවරුන්ට අවශ්‍ය හෝටල් ගාස්තු, බීම, ගුවන් ටිකට්පත් ,ගමන් වියදම්, නිල ලාංඡන සැකසීම, ඩිජිටල් ඔරලෝසුවක් සැකසීම සඳහා ප්‍රධාන වශයෙන් වියදම් දරා ඇති බව එහි සඳහන්ය.

මීට අමතරව සංස්කෘතික සංදර්ශනය, සැරසිලි, සංවත්සර උත්සවයට සමගාමිව පැවැත්වූ නගරාධිපති කුසලාන පාපන්දු තරගාවලිය සඳහා දැරූ වියදම්, ඡායාරූප ප්‍රදර්ශනය, පුටු හා හට් ලබාගැනීම සඳහා දැරූ වියදම් ගැනද එම වාර්තාවේ දැක්වේ.

මෙහිදී පුවත්පත් දැන්වීම් සදහා රුපියල් 2120281ක්ද, නගරාධිපති කුසලාන තරගාවලිය සදහා රුපියල් 2837473 ක්ද, උත්සව කළමනාකරුට රුපියල් 44486855 ක්ද, ඡායාරූප ප්‍රදර්ශනය සඳහා රුපියල් 312000ක්ද, පුටු හා හට් ලබා ගැනීමට රුපියල් 1125000ක්ද, නගරාධිපති සම්මන්ත්‍රණය සඳහා රුපියල් 4628286ක්ද, සමරු කාසි හා මුද්දර නිකුත් කිරීම සඳහා රුපියල් 7329000ක්ද, කොෆි ටේබල් පොත සඳහා රුපියල් 4528800ක්ද,නිල ලාංඡන සැකසීමට සහ ඩිජිටල් ඔරලෝසුව සදහා රුපියල් 2887110ක්ද දරා තිබේ.

මීට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීත්වයෙන් දෙසැම්බර් 21 දින නගර සභා පරිශ්‍රයේ තවත් උත්සවයක් පවත්වා තිබෙන අතර, එහි මල් සැරසිලි, සමරු ඵලක, සංග්‍රහ කටයුතු, සංස්කෘතික අංග සහ පුවත්පත් දැනවීම් සඳහා දැරූ වියදම්වලට අදාළ ඉන්වොයිස්පත් තවම ලැබී නැති බවද නාගරික කොමසාරිස්වරයා මෙම වාර්තාව මගින් නගර සභාවේ මුදල් කමිටුවට දන්වා තිබේ.

Ada.lk

Related posts

ලංකාව ‘ඉන්දියාවට අමුණන’ ඉන්දු-ලංකා මුහුදු පාලම හදන සැලසුම සූදානම් – ඉන්දීය රජය

colombotoday

20ට අත උස්සනවාද නැද්ද? – රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday

“ආවා” කල්ලියේ පහරදීමකින් “රොක්” කල්ලියේ දෙන්නෙක් රෝහලේ

colombotoday

ETCA හොදයි.. සුපිරියි.. කියන ප්‍රචාරක මෙහෙයුම සජිත්ට භාරදෙයි !

colombotoday

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මල්වතු වෙහෙරේ ‘වැලිවිට සඟරජ ලකුණ’ – අවුරුදු 103ක් ආයු වලදා අළුත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියෝ අපවත්වෙති..

colombotoday