Covid 19

කොවිඩ් මරණවලින් සැලකියයුතු සංඛ්‍යාවක් නිවසේදී සිදුවූ මරණ.. රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න – සෞඛ්‍ය අංශ

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රයෙන් සිදුව ඇති කොවිඩ් මරණවලින් සැලකියයුතු සංඛ්‍යාවක් නිවසේදී සිදුවූ මරණ ලෙස වාර්තාවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අධි අවදානම් කලාපවල සිටින වැඩිහිටියන් සහ නිධන්ගත රෝග ඇති පිරිස් අලුත් රෝග ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයකින් සිටිය යුතු බවය.

“අධි අවදානම් කලාපවල සිටින වැඩිහිටියන් සහ නිධන්ගත රෝග ඇති පිරිසට යම්කිසි අලුත් රෝග තත්ත්වයක් ඇති වුණොත් ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අවශ්‍යයි. එය උණ වෙන්න පුළුවන්, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුව වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් දුර්වලවීමක්, ආහාර අරුචිය, ගඳ සුවඳ නොදැනීම වගේ රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තියෙනවා නම් ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සුදුසුයි. එහෙම නොමැතිනම් 1999 අංකයට කථාකර උපදෙස් ලබා ගන්න පුළුවන්. එවැනි රෝග තත්ත්වයක් උත්සන්න වෙනකම් බලාගෙන ඉන්න එපා. පසුගිය ඔක්තෝබර් මස 04 වනදා සිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර හඳුනාගැනීමෙන් පසු මියගිය කොවිඩ් ආසාදිතයින් 81 දෙනාගෙන් සැලකියයුතු පිරිසක් නිවෙස්වලදී මියගොස් තිබෙනවා,” යනුවෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

මේ අතර ඊයේ සිදු වූ මරණ 04 ද සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මහියංගනයේදී නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

colombotoday

ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

ගෙවුණු දිනයේ නව ආසාදිතයින් 553 ක්

colombotoday

ඇමති වීරසේකර සිය වැටුප covid-19 අරමුදලට පරිත්‍යාග කරයි.

colombotoday

අද දින හඳුනාගත් අසධිතයින් සංඛ්‍යාව 2906 දක්වා ඉහලට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8කට කොවිඩ් – පළමු පෙළ ආශ්‍රිතයින් 74ක් නිරෝධායනයට.

colombotoday