World

කොවිඩ් පැතිර යන සෞදියේ මක්කම හා මදීනා ඇඳිරි නීතිය.

කොවිඩ්-19 වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා සෞදි අරාබිය මක්කම සහ මදීනා නගරවලට පැය 24ක් පුරා ඇඳිරි නීතිය පනවා ඇති බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

පසුගිය මාසයේ සෞදි රජය නගරවලට ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කළ නමුත් නව කොරෝනා වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමෙන් පසු ක්‍රමයෙන් දැඩි සීමාවන් පැනවීය.

සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව අඟහරුවාදා මක්කම සහ මෙදිනා නගරවලින් පමණක් සාමූහිකව නව රෝගීන් 133ක් වාර්තා වී තිබේ.

සෞදි අරාබියේ මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 1,885ක් වන අතර මරණ 21ක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම ඇඳිරි නීතිය යටතේ හදිසි අවස්ථා හැරෙන්නට, අසල්වැසි ප්‍රදේශවලින් සැපයුම් මිලදී ගැනීමට නිවැසියන්ට පැය 24ක් පුරා තම නිවෙස්වලින් පිටතට පැමිණීම සම්පූර්ණයෙන් වළක්වා තිබේ.

එහිදී ඖෂධ හල්, බැංකු සහ සැපයුම් වෙළෙඳ සැල් හැර, අනෙකුත් සියලු සාප්පු වසා දමා ඇති අතර, නගරවල සහ නගරවලින් පිටත ගමන් කිරීමද නවතා දමා ඇත.

මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ ස්ථානයක් ලෙස සැලකෙන මෙම නගර දෙක සෑම වසරකම මිලියන සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් වන්දනා චාරිකා සඳහා ආකර්ෂණය කරන්නකි.

Related posts

හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

Admin

CIA හොර වැඩ විකිලීක්ස් හෙළි කරයි

colombotoday

ලෝක බලවතා පලිගැනීමේ සැලසුමක

Admin

නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයි

colombotoday

මාල දිවයිනේට එල්ලකිරීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයක සැලසුමක් හෙළිවේ

colombotoday

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

colombotoday