Covid 19

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 686ක් දක්වා ඉහළට

ඊයේ (11) දිනයේ දී පොලිස් නිලධාරීන් 74 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ වන විට ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 686ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළේය.

“මේ සියලු දෙනාම සතියකට දින 10කට පෙර නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ගිය නිලධාරීන් අතරින් බිහිවෙලා තිබෙන්නේ බස්නාහිර පළාතේ. ඒ නිසා එම පොකුර අනු පොකුර දැනට අක්‍රීය වෙමින් පවතිනවා. සැමවිටම එම ආසාදිතයින් බිහිවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පමණයි. වෙනත් ප්‍රදේශවල රාජකාරී කරන පොලිස් නිලධාරීන් අතරින් ආසාදිතයින් බිහිවෙන්නේ.”

මේ අතර ඊයේ දිනයේ දී බෝගම්බර බන්ධනාගාරයෙන් ද ආසාදිතයින් 6 දෙනෙක් වාර්තා වී තිබේ.

Related posts

කොවිඩ් රෝගීන් 1,225ක්

colombotoday

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ්.

colombotoday

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

colombotoday

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

CID අයෙකුට හා පොලිස් ප්‍රභූ ආරක්ෂක බලකායේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday