Colombo Today Local News

කොවිඩ් අවදානම මැද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වෙයි.

පසුගිය ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ විභාගය පැවැත්වුණි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

කොවිඩ් -19 අවදානම හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිරේක විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

එමෙන්ම කොවිඩ් – 19 ප්‍රතිකාර මධ්‍යස්ථායක් වු IDH රෝහලේ සහ නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක ද මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සිදුවු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

කොවිඩ් – 19 අවදානම මධ්‍යයේ වුවද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට හැකි වු බව හෙතෙම සඳහන් කළේය.

Related posts

ලක්ෂ 38 ක ස්වර්ණාභරණ කොල්ලකා බෝට්ටුවෙන් පළාගිය කල්ලිය අල්ලයි

colombotoday

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහි පෙත්සමකට කාදිනල් අත්සන් තබයි.

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

සෞඛ්‍ය වැඩ වර්ජනය අවසන් කිරීමට තීරනයක්

Admin

දැරියන් තිදෙනෙක් කෙළෙසූ කාමාතුරයන් එළියට ගන්න බලපෑම්.. යුක්තිය ඉල්ලා මූතූර් පාසල් දරුවන් වීදිබසී

colombotoday

සර්ව බලධාරී දෙවියන් මැව්වේත් බොදු බල සේනා ද ? – බොදු බලය උලමාගෙන් අසයි

colombotoday