දෙමටගොඩ පොලිස් වසමේ කොලොන්නාව පාර පාලම අසළ දී හෙරොයින් ග්රෑම් 52යි මිලිග්රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ උතුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු වයස අවුරුදු 41ක් වු කොලොන්නාව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (23)දින මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 07ක රැඳවුම් නියෝග ලබා දී ඇත.
දෙමටගොඩ පොලීසිය සැකකරු පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.