World

කොරෝනා සුව වූ රෝගීන්ට යළි වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් – දකුණු කොරියාවේ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි

කොවිඩ් -19 ආසාදනය වී සුව වූ රෝගීන්ගේ සිරුරු තුළ යළිත් වතාවක් වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් පෙන්වන බව දකුණු කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඔවුන් මේ බව තහවුරු කර ඇත්තේ එම රටේ කොවිඩ් -19 ආසාදනය වී සුව වූ පුද්ගලයන් 91 දෙනකු යළි කොවිඩ් – 19 ආසාදිතයන් බව තහවුරුවීම  හේතුවෙනි.

රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජියොන් යුන්-කියොං මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ මෙම පුද්ගලයන් යළි කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇත්තේ අලුතෙන් වයිරසය ශරීරගතවීමෙන් නොව සිරුරේ අක්‍රියව තිබූ ‍වයිරස යළි සක්‍රීය වීමෙන් බවයි.

”මේ ගැන වසංගත රෝග විද්‍යා පරික්ෂණ තවමත් සිදුකරමින් තිබෙනවා. මේ ප්‍රවණතාව පිටුපස ඇත්තේ කුමක් ද යන්න තවමත් පැහැදිලි නැහැ.” ඔහු පවසයි.

කෙසේ වෙතත් වයිරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සිරුරේ වසංගතය ඇතිවීම වැළැක්වීමට ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් වර්ධනය වනු ඇතැයි බොහෝ රවටල වෛද්‍ය විද්‍යා පර්යේෂකයෝ සහ බලධාරීහ් බලාපොරොත්තු තැබූහ. නමුත් වයිරස ආසාදනය වි සුවවූ පුද්ගලයන් මෙලෙස යළි වයිරස ආසාදිතයන් බවට පත්වීම පිළිබඳ සමස්ථ ලෝකයේ ම දැඩි අවධානයක් යොමුව පවතී.

දකුණු කොරියාවේ සුවය ලැබූ රෝගීන් අතරින් යළි වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 51 දෙනකු සඳුදා දිනයේ දී පමණක් වාර්තා වී තිබිණි.

සිකුරාදා(10) මෙම මාධ්‍ය හමුවේ මෙම තොරතුරු හෙළිකරන විට දකුණු කොරියාවේ කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාව 7,000කට ආසන්න වී තිබිණි.

බෝවන රෝග පිළිබඳ මහාචාර්ය කිම් වූ-ජූ පවසන්නේ යළි ආසාදනය වන පුද්ගලයන් දැනට වාර්තා වී ඇත්තේ 91 වුව ද මේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි.

මෙම පරීක්ෂණවල ප්‍රතිඵල දෝෂ සහිත විය හැකි බව වෙනත් විශේෂඥයෝ කියති. වයිරසයේ අවශේෂ හෝ දුර්වලව අඩපණ වූ වයිරස රෝගින්ගේ ස්වසන පද්ධතියේ තිබිය හැකි නමුත් එමගින් ධාරකයාට හෙවත් ආසාදිතයාට යළි අනතුරක් විය නොහැකි බව ද එම විද්‍යාඥයන් ගේ මතය වි ඇත.

හැලිම් විශ්වවිද්‍යාල හෘද රෝහලේ පුප්ඵුසිය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජුන්ග් කි-සුක් පවසන්නේ මෙවැනි තත්ත්වයන් සඳහා විවිධ අර්ථකථන දිය හැකි බවයි. නමුත් සෑම වෙනස් තත්ත්වයක් සඳහා ම රජය ප්‍රතිචාර දැක්විය යුතු බව ද හෙතෙම පවසයි.

මේ වනවිට දකුණු කොරියාවේ වයිරස ආසාදිතයන් 6,807ක් වාර්තා වී තිබේ. සිකුරාදා වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 27කි. මියගොස් ඇති රෝගින් සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීනයෙන් පිටත දී ප්‍රථම වතාවට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වූ නගරය වූයේ දකුණු කොරියාවේ ඩේගු නගරයයි. පෙබරවාරි අග සිට එම නගරයෙන් රෝගීන් වාර්තාවීම නතර විය. එසේ වුව ද කොරියාවෙන් වාර්තා වී ඇති රෝගින්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් වාර්තා වූයේ ඩේගු නගරයෙනි. ඩේගු නගරයේ දේවස්ථානයක පැවැති දේව මෙහෙයක දී ‍වයිරසය පැතිරියාම මෙලෙස පුද්ගලයන් විශාල පිරිසකට ආසාදනය විමට හේතු වූ බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. 

(රොයිටර් පුවත් ඇසුරිනි 

Related posts

පැරීසියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් – Video

colombotoday

අධිබලැති හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරයි

colombotoday

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday

රසායනික ද්‍රව්‍ය රැගත් එන්.වී.සිම් කිංග්ස්ටන් බහාලුම් නෞකාවේ ගින්නක්

colombotoday

ඊශ්‍රායල හමුදාව සහ හමාස් රොකට් වෙඩි හුවමාරුවක් සමඟ අලුත් අවුරුද්ද සමරයි

colombotoday

“මාසයක් තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය වනසනවා“ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලට අල් හුසේන් උරණ වෙයි !

colombotoday