Colombo Today Local News

කොරෝනා ව්‍යාප්තිය ගැන රජය ඉදිරිපත් කල සියළු වාර්තා බොරු.. රාජපක්‍ෂ පවුල දින තුනෙන් තුනට කොරෝනා පරීක්‍ෂාවට

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් කල් ඉදිරිපත් කරන ලද සියලු වාර්තා බොරු බව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද පරීක්ෂණවලදී ආසාදිතයන් ලෙස තහවුරු වූවන් ආසාදනය නොවූවන් ලෙස රජය විසින් වාර්තා කර ඇතැයිද ඔහු පැවසීය.

මේ වන විට රට තුළ කොරෝනා දෙවෙනි රැල්ලක් ආරම්භ වී ඇතැයිද ඔහු සඳහන් කළේ සමගි ජන බලවේගය මැතිවරණ ජන හමුවක් අමතමිනි.

රාජපක්ෂ පවුලේ සියලු සාමාජිකයන් මේ වන විට දින තුනෙන් තුනට කොරෝනා පරීක්ෂණ සිදුකරන බවද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

වරාය ගිවිසුම හදන අනුකමිටුවෙන් ඇමති චම්පික ඉවත් වෙයි !

colombotoday

2022 වසරේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්නේ සමගි ජල බලවේගයේ රජයක් – පා.ම නලින් බණ්ඩාර

colombotoday

රත්‍රං මිල ඉහළට

Admin

මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් පැරදුනත් ආණ්ඩුවක් පිහිටනවා- වජිර

colombotoday

ජනපති තෛනිකායික මහා නාහිමිවරු හමුවෙයි.. විශේෂ කරුණු හතක් යටතේ සාකච්ඡා !

colombotoday

සමාජ ජාල කැළඹු වීඩියෝවේ සම්පුර්ණ කතාව

colombotoday