Colombo Today Local News

කොරෝනා රෝගීන් දෙපිල බෙදී ගුටි ඇනගනිනි

කන්දකාඩු කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව පුනරුත්ථාපනය වෙමින් සිටින කොවිඩ් -19 ආසාදිතයින් දෙපිරිසක් අතර ඊයේ (21) ගැටුමක් ඇති වී තිබේ.

එහිදී 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

එම ගැටුම හට ගෙන ඇත්තේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වෙමින් සිටිය දී කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් පිරිසක් අතර බව ඒ මහතා කියා සිටියේය.

කන්දකාඩු කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් 370ක පමණ පිරිසක් සිටින බව වාර්තා වේ.

මෙම ගැටුම සමථයකට පත්කිරීම සඳහා යුද හමුදාව මැදිහත් වී ඇති අතර, තුවාලකරුවන් යුද හමුදාව විසින් වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

මේ වන විට කන්දකාඩු කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තත්ත්වය සමථයකට පත්කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday

මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයෙන් ඉවත්වී යලි එජාපයට

colombotoday

රුසියාවේ ස්පුට්නික් එන්නත් තොගයක් අඟහරුවාදා දිවයිනට

colombotoday

රුවන්වැල්ලේන් හමුවු ගිනි අවි කම්හල

colombotoday

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin