හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මර්වින් සිල්වා කොරෝනා වෛරසය රටින් තුරන් වීම වෙනුවෙන් සත්යක්රියාවක නිරත වීම අරඹා තිබෙනවා.
කැලණිය ශ්රී උත්පලවන්න ශ්රී රංගනාථ මහා විෂ්ණු දේවාලයට පැමිණි මර්වින් සිල්වා ආගමික වතාවත් වල නිරතවීමෙන් අනතුරුව මෙම සත්යක්රියාව අරඹා තිබෙනවා.
කිසිඳු දේශපාලන වාසියක් නොතකා කොරෝනා රෝගය තමන්ට ඡන්ද 165,000ක් ලබා දුන් ජනතාවක් සිටින ගම්පහ දිස්ත්රික්කයෙන් හා මුළු රටින්ම තුරන් වේවා යන ප්රාර්ථනය පමණක් සිතෙහි තබා ගෙන මෙම සත්යක්රියාව අරඹන බව ඒ මහතා සඳහන් කරනවා.