Colombo Today Local News

කොරෝනා පවතින රටවල සිට එන ලාංකිකයන් ලාදුරු රෝහලට ගේනවාට එරෙහිව තුන්වන දිනටත් විරෝධතා !

ලාඳුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමට විරෝධය පල කරමින් ක්‍රියාත්මක උද්ඝෝෂණයක් හේතුවෙන් හැඳල, හේකිත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

උද්ඝෝෂකයින් මට්ටක්කුළිය – හැඳල ප්‍රධාන මාර්ගය හේකිත්ත මංසන්ධියෙන් අවහිර කරමින් අද(06) උදෑසන සිට උද්ඝෝෂණයේ නිරතව සිටින බව වාර්තාකරු පැවසුවේය.

මේ හේතුවෙන් හේකිත්ත-වත්තල සහ හේකිත්ත-හැඳල යන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමේ අරමුණින් වැලිසර ලාදුරු රෝහල මෙරට ප්‍රති නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළේය.

කෙසේවෙතත් ඊට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර අද එය මෙලෙස ක්‍රියාත්මක වන්නේ තුන්වන දිනටයි.

Related posts

ඇඳිරි නිතිය දීර්ග කෙරේ

colombotoday

උලමා සභාවේ බලය අත්පත් කර ගන්න අන්තවාදීන් දෙකට බෙදී සීතල යුද්ධයක.

colombotoday

පුනා ඇලේ ගල් තලාවකින් මළ සිරුරක් හමුවෙයි

colombotoday

රනිල්ගේ ප්‍රතිපත්ති මෙන්න

Admin

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාත්‍යන්තරයටත් යයි.. පළමු විදෙස් ශාඛාව එංගලන්තයේ පිහිටුවයි

colombotoday

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday