Colombo Today Local News

කොරෝනා නිසා රටපුරා පෙරුම්කායන් හිගයක් !

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිංහල බෙහෙත් බඩු අළෙවිසැල් වල විෂබීජනාශකයක් වන පෙරුම්කායන් හිගයක් උද්ගතව තිබේ.

ඒ ශ්‍රි ලංකාවෙන් පළමු කොවිඩ්19(කොරොනා) වෛරසය ආසාදිත රෝගියා හමුවීමත් සමඟ රට තුල මෙම වෛරසය ව්‍යාප්ත වීමේ බිය නිසා බොහෝ පුද්ගලයින් පෙරුම්කායන් පැලදීමට පෙළේඹි ඇති නිසාවෙනි.

අතිතයේ සිටම ශ්‍රී ලාංකික පුරවැසියන් කට වහරින් කියන “දෙයියන්ගේ ලෙඩ” කියා හදුන්වන වෛරස වැළදිමේන් ආරක්ෂාවීමට මෙම පෙරුම්කායන් ශරිරයේ පැළදීම සිදු කරයි.

ඒ හේතුව නිසාම බොහෝ පුද්ගලයන් කොරෝනා වෛරසයෙන් බේරිමට පෙරුම්කායන් පැළඳීමට පෙළඹී තිබේ.

දිවයිනෙන් හමුවූ පළමු කොරොනා වෛරසය ආසාදිත රෝගියා ගැවසී තිබුණු හබරණ, දඹුල්ල, මාතලේ, නාවුල ,ගලේවෙල, සිගිරිය ආදී බොහෝ ප්‍රදේශවල සිංහල බෙහෙත් බඩු අළෙවිසැල්වල පෙරුම්කායන් හිගයක් පවති.

ඒ ප්‍රදේශවල සිංහල බෙහෙත් බඩු අළෙවිසැල් වල ව්‍යාපාරික මහතුන් කියා සිටියේ තමන්ගේ වෙළෙදසැල් වල පෙරුම්කායන් නොමැති වුවත් තවමත් බොහෝ දෙනෙකු පැමිණ පෙරුම්කායන් මිළදි ගැනිමට විමසන බවයි.

අප මේ පිළිබඳවසොයා බැලිමට(12) දින පස්වරුවේ ගිය අවස්ථාවේ දැක ගැනීමට හැකියාව ලැබුණේ පෙරුම්කායන් මිළදිගැනීමට බෝහෝ දෙනෙකු පැමිණෙන අතර ව්‍යාපාරිකයින් විසින් පෙරුකායන් තම වෙළෙදසැලේ නොමැති බැවින් ආපසු හරවා යවන ආකාරයයි.

එසේම සමහර සිංහල බෙහෙත් බඩු වෙළෙදසැල්වල ඉදිරිපිට පෙරුම්කායන් වෙළෙදසැලේ නොමැති බව පැවසීමට පුද්ගලයෙකු සිටිම විශේෂත්වයකි.

ලක්ෂික සංදීප ආරියදාස – දඹුල්ල

Related posts

අද සිට සිමෙන්ති මිල ඉහළට

colombotoday

රාජපක්ෂලා එක්ක ඩීල් දමන්නේ කවුද කියා හෙළි වුණා

colombotoday

පුංචි කාලෙ ඉදන් ආසාවක් තිබ්බා… බදුල්ලෙන් මම පාර්ලිමේන්තු යනවා… වියත්මගේ මුල් 10 අතර මාත් ඉන්නවා – ඕෂධී

colombotoday

ප්‍රහාරයෙන් පහක් රෝහලේ.. නාවික හමුදාපතිට වැඩ වරදී !

colombotoday

මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් තොගයක් සොයාගනී

colombotoday

කොවිඩ් මෘතදේහ භූමදානයට ඉරණතීව් හි දූපතක් තෝරාගනී

colombotoday