Colombo Today Local News

කොරෝනාවෙන් පිඩාවට පත් ජනතාවට සහනයක් දෙන්න : විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

කොරෝනා වෛරසරය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සලසන්නැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්‍ෂ නායකවරයා පෙන්වා දුන්නේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දිගු කාලීන ලෙස සහන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළ යුතු බවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මිනුවන්ගොඩ ඇතුලූ අනෙකුත් ප‍්‍රදේශවල ජනතාව වෙනුවෙන් දීමනාවක් හෝ ද්‍රව්‍යමය සහනයක් මෙතෙක් ලබාදී නොමැති බව ද විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

රජයේ නොසැලකිල්ල හේතුවෙන් රට තුළ කොරෝනා දෙවන රැල්ලක් ඇති වූ බවත්, පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව මෙතෙක් කිසිදු තැකීමක් සිදුකර නොමැති බවත් විපක්ෂ නායකවරයා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

Admin

වියළි කාලගුණයෙන් හානිවූ ගොවිබිම්, අක්කර 50,000ක් දක්වා ඉහළට

Admin

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය : අධිකරණය රස පරීක්ෂක වාර්තා කැඳවයි

Admin

නුවරඑළියේ වැඩිම මනාප ජීවන් තොණ්ඩමන්ට

colombotoday

ආණ්ඩුවේ කන්තෝරුවේ වීදුරුව බින්දාට පෙරටුගාමී ලේකම් අත්අඩංගුවට

colombotoday