Colombo Today Local News

කොටි සැකකරුවන්ට ඇප දෙනවාද? නැද්ද? තීරණය නීතිපති අතේ

ltte presonerනීතිපතිවරයාගේ උපදෙස්වලින් තොරව, ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවේ පසු වන එල්.ට්.ටී.ඊ සිරකරුවන් ඇප මත නිදහස් කිරීමට තමාට බලයක් නොමැති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කරයි.

ඉහත කී පනත යටතේ රිමාන්ඩ් භාරයේ පසු වන එල්.ට්.ටී.ඊ සිරකරුවන් 17 දෙනකු ඊයේ බදාදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් ඇප මත මුදා හරින මෙන් විත්තියේ නීතිවේදීහු ඉල්ලා සිටියහ.

ත්‍රස්ත මර්දන කාර්යාංශය කියා සිටියේ මෙම සැකකරුවන්ට අදාළ පරීක්ෂණ අවසන් කොට සියලු වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එහෙත් මෙම සැකකරුවන්ට එරෙහිව නඩු පවරන්නේද නැතහොත් නිදහස් කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව පොලිසිය ප්‍රකාශ කළේය.

එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියරත්න මහතා කියා සිටියේ සැකකරුවන්ට ඇප දීමට තමාට බලයක් නොමැති බවයි.

ඇප මත නිදහස් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දෙන්නේ නම් පමණක් තමන්ට සැකකරුවන් නිදහස් කල හැකි බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

දැනට රැඳවුම් භාරයේ පසු වන එල්.ට්.ටී.ඊ සිරකරුවන් ඇප මත නිදහස් කළ යුතු බවට රජය දේශපාලන තීරණයක් ගෙන ඇති බවද විත්තියේ නීතිවේදීහු එහිදී අධිකරණයේ අවධානයට යොමු කළහ.

ඊට පිළිතුරු දෙමින් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන්නේ නම් පමණක් තමන්ට සැකකරුවන් ඇප මත මුදා හල හැකි බවයි.

සැකකරුවන් ලබන 11 වනදා දක්වා තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය එදිනට නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දන්වන්නැයි ත්‍රස්ත මර්දන කාර්යාංශයට නියම කළේය.

Related posts

ලංකා සතොස නව සභාපති වැඩ අරඹයි

colombotoday

අද ඩොලරයේ වටිනාකම

Admin

ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් විග්නේෂ්වරන් සිංහලයන්ට විරුද්දව යෝජනා 27ක් සම්මත කරගෙන

colombotoday

HUTCH සමාගම මැදිහත්වී කලක පටන් කරගෙන ගිය තඹ හොරකමක් මාට්ටු.

colombotoday

සහරාන් ගැන කාත්තන්කුඩිය නගාරාධිපති කට අරී. සහරාන් ගැන මම කියපු දේ ඇහුව නම් මෙහෙම වෙන්නෙ නැහැ!

colombotoday

ජාතික ආරක්ෂාව හා උතුරේ මියගියවුන් සැමරීම ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday