Colombo Today Local News

කොටි නිල ඇඳුමින් ඡායාරූප ගත් තරුණයෝ 6ක් අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් සහිතව ඡුායාරූප ගත් වවුනියාවේ තරුණයන් හය දෙනකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු පළාතෙන් පලාගොස් ඇති බවට තොරතුරු ලැබීම නිසා ආරක්ෂක අංශ ඔහුගේ නිවස පරීක්ෂා කර ඇති අතර එල්.ටී.ටී.ඊ. සැකකරුගේ ලැප්ටොප් පරිගණකය හමුවී ආරක්ෂක අංශ විසින් එය අත්අඩංගුවට ගෙන තිබේ.

එම ලැප්ටොප් පරිගණකය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම ඡුායාරූප හමු වී ඇති අතර එසේ ඡුායාරූප ලබාගෙන ඇති තරුණයින් විසි එක් දෙනකුගේ ඡුායාරූප එම ලැප්ටොප් පරිගණකයේ තිබී ඇත.

එම තරුණයන්ගේ විස්තර සොයා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර ඒ මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ තරුණයන් හය දෙනකු පමණකි.

අත්අඩංගුවට පත් තරුණයන්ගෙන් ආරක්ෂක අංශ ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ සෙසු තරුණයන් ගැන තමන් විස්තර නොදන්නා බවයි. නමුත් ආරක්ෂක අංශ කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම තරුණයන් මේ වන විට අතුරුදන්ව සිටින බවයි.

අදාළ ලැප්ටොප් පරිගණකයේ තිබූ ඡුායාරූපවලට අනුව එම ඡුායාරූප ගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිල හැඳුනුම්පත් සැකසීම සඳහා බවට ආරක්ෂක අංශ සැකකරයි.

එම සැකය ඔස්සේ අත්අඩංගුවට පත් තරුණයන්ගෙන් ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ මෙම ඡුායාරූප හා යුද පුහුණුව ලබන බව දැක්වෙන ඡුායාරූප ලබාගෙන ඒවා විදේශ රටවලට යවා මුදල් ලබා ගැනීම සඳහා එක් අයෙකු විසින් කටයුතු කරගෙන යන බවයි.

තරුණයන් විසින් කියා සිටින ලද එකී පුද්ගලයා පිළිබඳව ආරක්ෂක අංශ විසින් තොරතුරු විමර්ශනය කිරීමේදී හෙළි වී ඇත්තේ එම පුද්ගලයා වවුනියාව පුතූර් ප‍්‍රදේශයේදී බෝම්බ මල්ලක් දමා පැන ගිය එල්.ටී.ටී.ඊ. ප‍්‍රධාන සැකකරු දුරකථනයක ආධාරයෙන් මෙහෙයවන ලද ශංකර් නමැත්තා බවයි.

මේ නිසා අත්අඩංගුවේ සිටින තරුණයන් පවසන අන්දමට ඡුායාරූප ගෙන ඇත්තේ විදේශ රටවල්වල සිටින දෙමළ සංවිධාන රවටා මුදල් ලබා ගැනීමට නොවන බවට ආරක්ෂක අංශවලට සැකයක් පහල වී තිබේ.

මේ සම්බන්ධයෙන් වවුනියාවේ ආරක්ෂක අංශ විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

Related posts

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday

රාජිත තවත් අනාවරණයක් කරයි.. මේ පාර සිංහලේ රැල්ල ගැනයි

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් කොළඹ ප්‍රහාරයකට සූදානම්.. ඇමරිකාව රජයට අනතුරු අගවයි !

colombotoday

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

Admin

සහරාන් මිතුරු අලි සහීර් මවුලානා දර්ගා නගරයේ තාරික් ඇමට දී රට ගිනි තියන්න හදයි

colombotoday