අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් කොටහේන බාබර් වීදියේ හින්දු කෝවිලේ ආගමික කටයුතු වලට එරෙහිව ක්‍රියාත්මක කරගෙන යන හිංසාකාරී ක්‍රියාවට විරෝධය පළ කරමින් අද 16 දිවයින පුරා හින්දු කෝවිල් 200ක දී පොල් ගසා දේව කන්නලව් පැවැත්වුණු බව වාර්ථා වනවා. අද පෙරවරුවේ යාපනය නල්ලූර් කෝවිලේ දී ද විශේෂ දේව පූජාවක් පැවැත් වූ බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනය ප්‍රකාශ කරනවා. පූජාවෙන් අනතුරුව සිද්ධිය ගැන දැනුවත් කරමින් යාපනය නගරයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වූ බව එම සම්මේලනය සදහන් කරනවා.