Colombo Today Local News

කේරළ ගංජා කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

ඕමන්ත පොලිස් වසමේ තුවරන්කුලම් ප්‍රදේශයේ දී සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් කේරළ ගංජා කිලෝ 6ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඕමන්තේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකල මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 16 ක් සන්තකයේ තබා තිබු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 29 ක් වු පනික්කර්පූලියන්කුලම්, ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (17) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

”බැංකුවෙන් සල්ලි ගන්න ගියේ නිත්‍යානූකූල වැඩවලට” – ඇමතිගෙ ප්‍රකාශය ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

Admin

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම්

colombotoday

ඉන්ධන මිල අඩු නොකලේ පෝලිම් ඇතිවෙන නිසයි

Admin

ගෑස් මිල යළි පහළට

colombotoday

නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු

colombotoday

සජින් වාස්ට මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු

colombotoday