අද පස්වරු 6.00 වන විට මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙක් වාර්තා වී ඇති අතර කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි
අද දින වාර්තා වූ රෝගීන් අතර 15 දෙනෙකු ඉකුත්දා ඩුබායි සිට මෙරටට පමණි පිරිස් වන අතර අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වේ. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවයි වාර්තා වන්නේ
මේ වන විට සුවය ලැබූ රෝගීන් 604 දෙනෙක් රෝහල් වලින් පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 432ක් වේ.