මහරගම දහම්මාවතේ දී කුරානය සන්තකයේ තිබූ ස්වාමීන් වහන්සේනමක් (මොහු භික්ෂූන් වහන්සේ නමක්ද යන්න තවම හදුනාගෙන නැත) ප්රදේශවාසීන් විසින් නවතාගෙන පොලිසියට භාර දී තිබෙනවා.
එම අවස්ථාවේදී අදාළ ස්වාමීන් වහන්සේ සතුව තිබූ කුරානය බිම වැටී අතර එහිදී ඔහු කෑ ගසමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුන බවද වාර්තා වුනා.
ඊයේ (28) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර ප්රශ්න කිරීම් වලදී හෙළිව තිබුනේ එම ස්වාමීන් වහන්සේ නාවලපිටිය ප්රදේශයේ සිට පැමිණ ඇති බවයි.කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සඳහා ඔහු මහරගම පොලීසියට රැගෙන ගොස් තිබෙනවා.