Colombo Today Local News

කුණාටු තත්ත්වය හේතුවෙන් ගාලු වරායේ නැවක් ගසාගෙන යයි

ගාල්ල පිටත වාරයේ නැංගුරම්ලා තිබූ ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නම් නැවක් නැංගුරම කඩාගෙන, ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසළ ගල් පරයක වැදි සිර වී තිබේ.

මේ නැවේ 15ක පමණ පිරිසක් සිටින බවද පොලිසිය කියයි.

ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙන එන ලද නැවක් එහි සිටි නාවිකයින්ද සමග මෙසේ ගසාගෙන ගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

මේ වනවිට ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවලට තද සුළං සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙමින් පවතින අතර මුහුද ඉතා රළු වෙමින් ඇති හෙයින් එම ස්ථානයට යාමටද අපහසුවී ඇතැයිද පොලිසිය පවසයි.

මෙම නෞකාවේ පිරිස බේරා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවද පැවසේ.
.
ඡායාරූප – විලේගේ අමර ධනංජය

Related posts

අවුරුදු 15කට මේ ආණ්ඩුව හොල්ලනව බොරු.. අපි ළග හොරු නෑ – ඇමතිනී තලතා

colombotoday

කටුවාපිටියේ මරාගෙන මැරුණු බෝම්බ කරුගේ බිරිඳ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ඉන්දියානු රෝ බුද්ධි අංශ ඔත්තුකාරියක්

colombotoday

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

colombotoday

ජනතාව කියනවනම් ගෙදර යනවා.. හොරුන්ගෙන් ආණ්ඩුව රැකගන්න පාරට බහිනවා – අගමැති

colombotoday

පොදු ප්‍රවාහන භාවිතයට අදාළව නිරෝධායන නියෝගයක්

colombotoday