Colombo Today Local News

කුඩු තිලාන්ට මරණීය දණ්ඩනය නියම කරයි

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 274 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දේවගේ තුසිත චාමර හෙවත් “කුඩු තිලාන්” නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත.

2014 වසරේ ජුනි මස 20 වනදා හොරොයින් මත්කුඩු ග්‍රෑම් 274 සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් මෙම විත්තිකරු බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුට ගෙන තිබුණි.

ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරන ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කළ මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවට තීන්දු කළේය.

ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු වසර හතකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී තිබිණි.

Related posts

විදේශිකයින් හරහා රට තුළට වෛරසයේ විවිධ ප්‍රභේද ඇතුළුවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය කියයි

colombotoday

වනාතවිල්ලුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමකට තිත…

colombotoday

SAITM මව්පියෝ, “පුරවැසි බලය” සෙට් වී සබරගමු සරසවි සිසුන්ට ගුටි අනී.. තුනක් රෝහලේ

colombotoday

කවුරු විරුද්ධ වුවත් ඉන්දියාව එක්ක ගිවිසුම ගසා රැකියා දස ලක්ෂයක් බිහිකරනවා – අගමැති

colombotoday

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් කඩ සාප්පු විවෘත කිරීමට අවසර නෑ

colombotoday

ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

colombotoday