Colombo Today Local News

කිසිම රටකට කිසිම ​රෝගී පුද්ගල කණ්ඩායමක් සිය රටින් නෙරපා හැරීමට හෝ පලවා හැරීමට නොහැකියි. සෞ.සේවා අධ්‍යක්ෂ ජනරාල්

අන්තර්ජාතික සෞඛ්‍ය නිර්දේශ යටතේ කිසිම රටකට කිසිම ​රෝගී පුද්ගල කණ්ඩායමක් සිය රටින් නෙරපා හැරීමට හෝ පලවා හැරීමට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.

එම නිසා අදාළ ප්‍රඥප්තීන්ට බැඳී සිටින රටවල් තමන්ගේ යුතුකම් ඉටුකළ යුතු බැවින් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් යම් ​රෝගී තත්ත්වයකට පත්ව ඇත්නම් එම රටවල් මගින් ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් ලබාදිය යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

‘‘ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේත් ඒ ක්‍රමවේදය. ශ්‍රී ලංකාවේ විදේශීය රෝගියෙක් හමුවුණහම සම්පූර්ණ ප්‍රතිකාර කරලා ඔවුන්ගේ සුවය වෙනුවෙන් කටයුතු කරනවා. ලෝකෙ හැම රටකම මේක නිසියාකාරයෙන් නොවෙන්න පුළුවන්.

අපි මුලින්ම විදේශයන්හි සිටින සිසුසිසුවියන් ගෙන්නුවා. ඊට පස්සේ දැන් මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම ආරම්භ කරලා තියෙනවා. නමුත් දැන් උද්ගත වෙලා තියෙන තත්ත්වය මත එක්වරම පැහැදිලි ක්‍රමවේදයක් ප්‍රකාශ කරන්න අමාරුයි.

පසුගිය දින කීපයේ ක්වෙට්හි සිටි මෙරටට ආපු අහස් යානා දෙකෙන් පැමිණි හාරසිය හැට හයෙන් තුන්සිය පනහකටම වයිරසය ආසාදනය වෙලා තියෙනවා.’’ යැයි ඔහු කියා සිටියේය.

මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පසුගිය (27 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇත.

ඔවුන් ඉදිරියේදී මෙරටට ගෙන්වන ගුවන් ගමන් අතර කාලපරතරයක් තබා ගතයුතු බවත් එහිදී නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ පිළිබඳවද විශේෂයෙන්ම සලකා බැලිය යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය. කෙසේ වෙතත් විදේශගතව රැඳී සිටියදී රෝගී තත්ත්වයට පත්වන පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අදාළ රටවල් බැඳී සිටින බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

උතුරෙන් හමුදාව ඉවත් කිරීමට තවත් කල් ගත නොහැකි බවට රජය සමග එකඟ වීමු – සමැන්තා පවර්

colombotoday

හිරගෙවල් දාහක දැම්මත් මේ ආණ්ඩුව ගෙදර යවන සටන නතර කරන්නේ නෑ

colombotoday

විදෙස් රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

colombotoday

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin

නාමල්ගේ අමාත්‍යාංශය ජීවන් තොන්ඩමන්ට. – ලංකා කම්කරු කොන්ග්‍රසය යලිත් රජයට ?

colombotoday

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday