Colombo Today Local News

කිව්වොත් ඔළුව අවුල් වෙයි… ඉන්ධන මිල සූත‍්‍රය මටවත් තේරෙන්නේ නෑ…

ඉන්ධන සඳහා හඳුන්වා දී තිබෙන මිල සූත‍්‍රය සකසා ඇති ආකාරය පිළිබඳ සියලූ තොරතුරු ලබන සතියේදී ප‍්‍රසිද්ධියට පත් කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

සිරිකොත ඊයේ (09 දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදී මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් ඇමැතිවරයා මෙසේද කීය.

මේ මිල සූත්‍රය ගැන කිව්වොත් තමුන්නාන්සේලාගේ ඔළුව තවත් අවුල් වේවි. ඒක ඒ නිලධාරීන්ට ප්‍රශ්නයක්‌ නොවෙයි. කාටහරි අවශ්‍ය නම් ඒක කියා දෙන්නම්. ඒත් දැන් මං ළඟ ඒ සූත්‍රය නෑ. හැබැයි මට වත් ඔය මිල සූත්‍රය තේරෙන්නෙ නෑ. නමුත් ඒ මිල සූත්‍රය මොකක්‌ද කියලා ඒ කට්‌ටිය ගෙනල්ලා කියලා දෙන්නම්. ඒකෙ රහසක්‌ නෑ. ඒකෙ මූලික පදනම තමයි සිංගප්පූරුවේ මිල සහ ඩොලරයේ අගය ඔය දෙක මුල්කරගෙන තමයි ඒක හදලා තියෙන්නෙ.

Related posts

අවුරුද්දට ගමේ යන අයට අහඹු PCR

colombotoday

පොත් අලෙවිසැලකට ආ නාදුනන පුද්ගලයකුගේ පිහි ඇනුමෙන් දෙදෙනෙක් රෝහලේ

Admin

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

colombotoday

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday

ඥානසාර හිමි මල්වතු මහ නා හිමි සමග විශේෂ සාකච්චාවක්

colombotoday

බොදු බල සේනා සංවිධානය විසුරුවනවා

colombotoday