Colombo Today Local News

කිලිනොච්චියේ මුස්ලිම් පල්ලියක් අසලින් පතුරම් සහ විද්‍යුත් උපකරණ තොගයක් හමුවෙයි

කිලිනොච්චිය, කනගාම්භිකුලම් මුස්ලිම් දේවස්ථානය අසල ගෙවත්තක තිබී  ටී.56 වර්ගයේ පතුරොම්, ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් අද (29) සොයාගත් බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි.

යුද හමුදාව විසින් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාළ උපකරණ තොගය හමුවී ඇති අතර පසුව එම උපකරණ කිලිනොච්චිය පොලීසිය වෙතට භාර දී ඇත.        

එහිදී අබලි යකඩ ද්‍රව්‍ය සමඟ පතුරොම් 20ක්, ජංගම දුරකථන හයක්, ඩිජිටල් කැමරා දෙකක්, දුරදක්නයක්, හඬ පටිගතකිරීමේ යන්ත‍්‍ර කිහිපයක්, ඉස්ලාමීය ආගමික පොත් හා පුපුරාගිය ආර්. පී. ජී පතුරොමක කොටසක් සොයාගත්දෑ අතර වෙයි.         

සොයාගත් උපකරණ වෙනත් ස්ථානයක සිට මෙම ස්ථානය වෙත මෑතකදී රැගෙනවිත් ඇති බවට සිදුකළ මූලික පරික්ෂණ වලදී අනාවරනය වී ඇති බවට පරික්ෂණ සිදු කර කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පවසයි.

Related posts

සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයකට අසූචි ප්‍රහාරයක්

Admin

ඉදිරි පැය 30 තුළ සුළි කුණාටු තත්වයක් ඇති වීමේ අවදානමක්

colombotoday

කුඩු සල්ලි, දුරකතන 10 සමග සංජීවගේ ගෝලයක් අල්ලයි

colombotoday

සිරකරුවන් 11,000ක් නිදහස් කර අවසන්

colombotoday

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday

සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර ආයතන 473 කට නඩු

colombotoday