World

කැලිෆෝනියා ප්‍රාන්තයට යළි ඇඳිරිනීතිය

අමෙරිකාවේ සමස්ත ආසාදිතයින් මිලියන 12 ඉක්මවාගොස් ඇති පසුබිමක කැලිෆෝනියා ප්‍රාන්තයට රාත්‍රී ඇඳිරිනීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව එරට වේලාවෙන් ඊයේ (21)දින රාත්‍රීයේ සිට මෙම තීරණය ක්‍රියාත්මකය.

අමෙරිකාවේ පළමු ආසාදිතයන් මිලියනය සම්පූර්ණ වුණේ, එරටින් මුල්වරට ආසාදිතයෙකු හඳුනාගෙන දින 98කට පසුවය.

එහෙත් අවසන් ආසාදිතයන් මිලියනය සම්පූර්ණ වීමට ගතවී තිබෙන්නේ දින 6 ක් පමණක් වීම විශේෂත්වයකි.

අමෙරිකාවෙන් කොවිඩ් මරණ 261,790ක ප්‍රමාණයක් මේ වන විට වාර්තා වී තිබේ.

එරට තුළ පෙරට වඩා වේගවත්ව, පුළුල්ව හා දීර්ඝ වශයෙන් වසංගතය පැතිර යමින් ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවයි.

එමෙන්ම වෛරසය බොහෝදුරට ව්‍යාප්ත වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන්ගෙන් බව වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන අමෙරිකානු ආයතනය පෙන්වාදෙයි.

ඒ අනුව ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම ද ඔවුන් දැඩිව අවධාරණය කරයි.

මේ අතර අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩ්න් ඩෙලවෙයර් ප්‍රාන්තයේ දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගි වී සිටියේය.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ සියලු අමෙරිකානුවන්ට ආරක්ෂිතව දේව මෙහෙය සඳහා එක්විය හැකි බවය.

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 58,491,492 ලෙස දැක්වේ.

මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,386,400 කි.

Related posts

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

colombotoday

ණය සහ ආයෝජනවලින් බලය පතුරුවා රටක් අල්ලන චීන සැළසුම

colombotoday

යුවළක් අට මස් සිඟිත්තා විකුණා iPhone 14 එකක් අරන්

Admin

එයාර් ඉන්දියා ගුවන් සමාගමට සයිබර් ප්‍රහාරයක් | මගීන් ලක්ෂ 45කගේ තොරතුරු සොරා ගෙන

colombotoday

කෝලිගේ දියණියට දූෂණ තර්ජන කළ මෘදුකාංග ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

මද්‍රසා හී දරුණු අන්තය මෙන්න. | හැමෝම බැලිය යුතු වීඩියෝව

colombotoday