Colombo Today Local News

කැබිනට් මණ්ඩලය විසුරුවාහැර ඇති බව නිවේදනය කරයි…

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ජනාධිපතිවරයා විසින් 2018 ඔක්තෝම්බර් මස 26 දින නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇති බවත් පෙර සිටි අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විසිරී ඇති බවත් ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුය සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම නිවේදනයේන් සඳහන් කර ඇත්තේ, මෙම නිවේදනය සියලුම රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය බැංකු සභාපතිවරුන් අවධානයයට යොමු කරන බවත් ජනාධිපති කාර්යාලය විසින් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව ඇති බවය..

 

Related posts

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

colombotoday

සුව විරුවන් රූපවාහිනියට පමණක්ද? දීමනා කප්පාදුවට එරෙහිව හෙද නිලධාරීන් නිහඬ විරෝධතාවක

colombotoday

බස් රථයක් පෙරළී 13ක් රෝහලේ

colombotoday

දෙමළ ජාතික සන්ධානයේ විරෝධතා ව්‍යාපාරයට දමිළ ජනතාවගේ විරෝධය

colombotoday

ඥානසාර හිමි යළි සිර ගත කරයි

Admin

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිටී

colombotoday