වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේ වන විට (12) බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කර තිබෙනවා.
අද පෙරවරු 8.30 සිට ඒ මහතාගේ දේහය මල් ශාලාවේ තැම්පත් කරන බව දැනුම් දී තිබුණත් ආරක්ෂක හේතූන් මත දේහය මල්ශාලාවේ තැම්පත් කිරීමට ප්‍රමාද වුණා.
ඒ පෙරේදා රාත්‍රියේ විදෙස් රටක සිට ලැබුණු ඇමතුමකින් යළි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කරන ලද අනතුරු ඇඟවීමක් හේතුවෙන්.
කෙසේනමුත් ක්ලබ් වසන්ත අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවේ සිට ඝාතනය සිදුකරන අවස්ථාව දක්වා සියලු සිදුවීම් කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී සජීවීව නරඹා ඇති බවට වාර්තා වනවා.