Colombo Today Local News

විශ්වාසභංගයට පෙර වහාම ඉල්ලා අස්වෙන්න – ශ්‍රීලනිපය නිල වශයෙන් අගමැතිට දන්වයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සම්මුතිවාදී රජයත්, තම පක්ෂයත් ආරක්ෂා කරගැනීමේ උවමනාවක් තිබේ නම් ඔහු අප්‍රේල් හතර වැනිදාට පෙර ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

විශ්වාසභංගයට විරුද්ධ වීමේ හැකියාවක් තම පක්ෂයට නැතැයි කී ඩිලාන් පෙරේරා මහතා අග්‍රාමාත්‍යවරයා විසින් තමන්ගේ අමාත්‍යාංශය යටතට ගෙන තිබූ මහා භාණ්ඩාගාරය යළිත් මුදල් අමාත්‍යාංශය යටතට පත්කිරීම තුළින් ජනාධිපතිවරයා කර තිඛෙන්නේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට සිටින තමන් වැනි අයට ආශීර්වාදයක් යැයිද සඳහන් කළේය.

ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අග්‍රාමාත්‍යවරයා ඉවත්වීමෙන් සම්මුතිවාදී ආණ්ඩුව නැති වන්නේ නැතැයි කී ඩිලාන් පෙරේරා මහතා අලූතින් පත්වන අගමැතිවරයා සමඟ සම්මුතිවාදී ආණ්ඩුව ගැන තීන්දුවක් ගත හැකි බව ද සඳහන් කළේය.

එම නව අග්‍රාමාත්‍යවරයා එ.ජා.පයේ, ශ්‍රී.ල.නි.පයේ හෝ රතන හිමියන් හෝ දොස්තර මහත්මයෙකු හෝ ආණ්ඩුව සිටින වෙනත් පක්ෂයක අයෙක් විය හැකි බව ද ඩිලාන් පෙරේරා මහතා කීවේය.

විශ්වාසභංගය ගෙනෙන්නේ සම්මුතිවාදී රජය කඩන්නට කියමින් දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් පක්ෂ වෙත වැරදි මතයක් ලබාදීමට ඇතැමුන් උත්සාහ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එය සම්පූර්ණ බොරුවක් බවත්, ශ්‍රී.ල.නි.ප කණ්ඩායමට ඉවත්වන්නැයි කියමින් සම්මුතිවාදය නැති කරන්නට යන්නේ අගමැතිවරයාගේ කණ්ඩායමේ අය බවත් කීවේය.

Related posts

බොදු බල සේනා ප්‍රධානීන්ට, ක්‍රියාකාරීන්ට මරණ තර්ජණ – පාර්ශව කිහිපයකින් අනතුරු ඇගවීම් !!

colombotoday

ටෝකන් පතට එන්නත් දෙන්න ගිය මොරටුව නගරාධිපතිට ඇප

colombotoday

මේ ඇඳිරිනීතියෙන් කිසිම ඵලක් වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවාවලට මුවාවෙලා විශාල පිරිසක් පාරේ

colombotoday

පදික මාරුවේදී කතක් යට කර රි‍යදුරු පලා ගිහින්

Admin

වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමයි

colombotoday

ජීවිත දෙකක් බිළිගත් මට්ටක්කුලියේ බිහිසුණු අනතුර

colombotoday