Colombo Today Local News

කල්ලාරු මහ ඇතුගේ දළ විකුණන්න හැදූ මුස්ලිම් මව්ලවි ඇතුළු තිදෙනාට දඩුවම්

කල්ලාරු ඇතාගේ දළ යුගළ රුපියල් ලක්ෂ පනහකට අළෙවි කිරීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මුස්ලිම් පූජකයා ඇතුළු සැකකරුවන් තිදෙනා චෝදනා වලට වරද පිළිගැනීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 75,000 බැගින් දඩ ගෙවන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියම කළේය.

එමෙන්ම මාස හය බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද නියම කර එය වසර පහකට අත්හිටුවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිවලාවතුර – මරච්චිකට්ටි – පාලෙන්කුලී ලිපිනයේ පදිංචි 52 හැවිරිදි මීරා සාහීඩි හාරිස් සහ මන්නාරම දකුණ කරවන්කොටිටෙයි තිරුවල්ලූවර ලිපිනයේ 38 හැවිරිදි සුන්දර මූර්ති වෙට්ට්වේල් අලගන් සහ සිලාවතුර මරචිචිකටිටි මුල්ලිකුලම් ලිපිනයේ 54 හැවිරිදි ප‍්‍රැන්සිස් සෙබස්තියන් වාස් යන සැකකරුවන්ට මෙසේ දඬුවම් නියම කෙරිණි.

Related posts

ඥාණසාර හිමි හෝමාගම අධිකරණයට.. දයාරතන හිමි කොළඹ අපරාධ කොට්ඨාසයට !

colombotoday

පැන්ඩෝරා චෝදනා ගැන සොයාබැලීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි

colombotoday

රංජිත් සොයිසා ශ්‍රීලනිප සංවිධායක ධුරයෙක් ඉවතට

colombotoday

හෙට අනිද්දාම දෙන්න යන බදු සහනයක් ගැන විමල් හෙළිකරයි…

colombotoday

කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කරයි

colombotoday

පිලිස්සියි මිය ගිය මෙහෙකාර දැරියගේ සිද්ධියටත් බදියුදීන්ට ඇප

colombotoday