කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීම සිදුවූ ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 15ක් හමුවේ තිබෙනවා.
නිවාස තුල සිදුකරගත් පිපිරීම හේතුවෙන්, පිරිමි 3න් දෙනෙක් කාන්තාවන් 3න් දෙනෙක් සහ ළමයින් 6 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර නිවසින් පිටත මරාගෙන මැරෙන බෝම්බ කරුවන් තිදෙනෙක් බවට සැකකළ හැකි මෘත ශරීර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියා.