Colombo Today Local News

කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දුන් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූ කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරු අද (18) දින අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

කංජිපානි ඉම්රාන්ගේ පියාට ඊයේ (17)දින පස්වරු 6.30ට පමණ මාළිගාවත්ත සද්ධර්ම මාවතේ පිහිටි ඔහුගේ නිවස අසළ දී එලෙස තියුණු ආයුධයකින් පහර දී තිබේ.

සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල ලැබූ 65 හැවිරිදි ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය

පහර දීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය සමඟ මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකු වන කංජිපානි ඉම්රාන් මේ වන විට බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔහුගේ පියා, කංජිපානි ඉම්රාන්ට ආහාර භාජනයක සූක්ෂම ලෙස සඟවා ජංගම දුරකථන 2ක් ලබා දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකි.

Related posts

බොදු බලේ නීතිපතිට මතක් කරදුන් අධිකරණවලට එල්ලවූ මුජාහිදීන් ත්‍රස්ත ප්‍රහාරය

colombotoday

අටුළුගම හුදෙකලා කරයි

colombotoday

ගාල්ල, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලමේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

රන්ජන්ට ඇප නෑ !

colombotoday

ආගමික අන්තවාදය ඉන්දීය සාගර කලාපයේ සාමයට තර්ජනයක්

colombotoday

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කලොත් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

colombotoday