Colombo Today Local News

එල්ලන්න යැවූ සිරකරුවන්ගේ විස්තර මුදා හරින්න නියෝග

මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණීය දණ්ඩනය නියම කිරීමට ජනාධිපතිවරයාට යොමු කළ නම් ලැයිස්තුවේ සඳහන් සිරකරුවන් 20 දෙනාට එරෙහිව දඬුවම් නියම කළ දින, නඩු අංක සහ  මරණීය දණ්ඩනය නියම කිරීමට අදාලව බන්ධනාගාර ආඥාපනත යටතේ නිකුත් කර ඇති සියලුම රෙගුලාස මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව අද (02) බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව එම නියෝගය කළේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ මලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ අභියාචනා දෙකක් විභාගයට ගත් අවස්ථාවේදීය.

මරණීය දණ්ඩනය නියම කිරීම සදහා  බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයාට යොමු කරන ලද නම් ලැයිස්තුව, ඔවුන්ට දඩුවම් නියම වූ දින, ඊට අදාල නඩු අංක සහ බන්ධනාගාර ආඥා පනත යටතේ මරණ දඩුවමට අදාලව මෙතෙක් නිකුත් කර ඇති සියලුම රෙගුලාසිවල පිටපත් ලබා දෙන ලෙස ඉල්ලමින් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට මෙම අභියාචනා දෙකසිදු කර  තිබිණි.

ඒ අනුව අද අභියාචනා කැදවූ අවස්ථාවේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙනුවෙන් නිලධාරීහු පෙනී සිටියහ. මරණීය දණ්ඩනය නියම කිරීම සදහා 20 දෙනකුගේ නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයාට යවා ඇති බවක් තමන් නොදන්නා බව අමාත්‍යංශය දැනුම් දී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් දැනුම් දී ඇත්තේ එවැනි ලැයිස්තුවක් බන්ධනාගාර අමාත්‍යංශය හරහා ජනාධිපතිවරයාට යොමු කළ බවයි.

එම ලැයිස්තුව ලබා දීමට නම් එහි නම් සදහන් සිරකරුවන්ගේ කැමැත්ත විමසා සිටිය යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. එම නම් ලැයිස්තුව සම්බන්ධයෙන් තීරණයක් ලබා දීම කල් තැබූ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව එම පිරිසට මරණීය දණ්ඩනය නියම කළ දිනයන් සහ නඩු අංක ද, බන්ධනාගාර ආඥා පනත යටතේ මරණ දඩුවමට අදාලව මෙතෙක් නිකුත් කර ඇති සියලුම රෙගුලාසිවල පිටපත් ද අභියාචකයන් හට නිකුත් කරන  ලෙස නියෝග කළේය.

Related posts

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට

colombotoday

සැටදහසක චීවර පුජාව පෙබරවාරි 22 රුවන්වැලි සෑ මළුවේදී. මේ උතුම් පිංකම සඳහා දායක වීමට දැන් අවස්ථාව

colombotoday

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් ෆොන්සේකාට ඇමතිකමක් දෙන්නම් – ජනපති අගමැතිට කියලා…

colombotoday

හකීම් මොහොමඩ් තිල්ශාඩ් ගේ මෘත ශරීරය යළි පී.සී.ආර් කරන්නැයි ඉල්ලා පියා ගොනුකළ පෙත්සම වීසිකරයි.

colombotoday

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

තවත් ප්‍රදේශ කීපියක් හුදකලා කරයි.

colombotoday