Colombo Today Local News

එල්ටීටීඊ තහනම පවත්වා ගෙන යායුතු බව ඉන්දියාව එක්සත් රාජධානිය ට දන්වයි

එල්.ටී.ටී.ඊ.සංවිධානය සදහා එක්සත් රාජධානිය තුළ පනවා ඇති තහනම තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉන්දීය රජය එක්සත් රාජධානියෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීයාවේ ඩී.එන්.ඒ පුවත් සේවය අද (13) වාර්තා කළේය.

එක්සත් රාජධානිය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයන් නොවන බවට එරට අධිකරණයක් මගින් ඉකුත් මාසයේදී නියෝගයක් ලබා දුන් අතර , ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඉන්දීයාව මෙම ඉල්ලීම කර ඇතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

එල්.ටී.ටී.ඊ.සංවිධානය වසර 30කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයට වගකිව යුතු කණ්ඩායමක් සේම , ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යන රාජ්‍ය නායකයින් ඝාතනය කිරීමටද වගකිව යුතු බවද අදාළ ඉල්ලීම කරමින් ඉන්දියාව පෙන්වා දී ඇත.

ඉන්දීය රජය එක්සත් රාජධානියෙන් කළ ඉල්ලීම ගැන ඩී.එන්.ඒ පුවත්සේවය ඉන්දියාවේ වැඩබලන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෑන් තොම්සන් ගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ මීට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉන්දීය රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කළ බවය.ඒ සම්බන්ධයෙන් සිදු කළ කරුණු වෙන්ව වෙන්ව සදහන් කළ නොහැකි බවද ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කරමින් ඉකුත් වසරේදී එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබද රාජ්‍ය ලේකම්ගේ තීරණය අභියෝගයට ලක් කරමින් එල්.ටී.ටී.ඊ සංවිධානයට සහාය දක්වන සංවිධානයක් එම තීන්දුවට එරෙහිව අධිකරණයට ගිය අතර එක්සත් රාජධානිය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයන් නොවන බවට එරට අධිකරණයක් මගින් ඉකුත් මාසයේදී නියෝගයක් නිකුත් කළේය.

2000 වසරේ සිට ගතවූ වසර 20 ක කාලයක් තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය එක්සත් රාජධානිය තුළ තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබේ.

Related posts

මාධ්‍යවේදීන් කියාගත් බඩජාරීන් පිරිසක් ජනපති කොමිෂන් වාර්තාව කණපිට හරවයි…

colombotoday

“පොහොට්ටුව කරපු වැඩේ සදාචාරසම්පන්න නෑ. පොහොට්ටුව එක්ක දැන් මොනවා සාකච්ඡා කරන්නද?” – දයාසිරි ජයසේකර

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

අගමැති උගන්ඩාවේ ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කලද? සෙරනිට් ගෲප් සමාගමෙන් නිවේදනයක්

colombotoday

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday

“කවුරු මොනව කීවත් භික්ෂු සමාජයේ විනය හදනවා” – ජනපති කියයි

colombotoday