Colombo Today Local News

එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටයෙන් ඉවත්වන්නැයි මුරලි සේතුපතිට කියයි

තමන්ගේ චරිතාපදානය ඇසුරෙන් නිර්මාණය වන එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටය සඳහා රංගනයෙන් දායක නොවන්නැයි කොලිවුඞ් රංගන ශිල්පී විජය සේතුපතිගෙන්, මුත්තයියා මුරලිදරන් ඉල්ලීමක් කර තිබෙනවා. සිය චරිතයට පන පොවමින් සේතුපති දක්වන රංගනය හේතුවෙන් ඔහුගේ ඉදිරි වෘත්තීය දිවියට අනවශ්‍ය බලපෑම් එල්ල වනු ඇති බවට තමන්ට හැගී යන බවයි මුත්තයියා මුරලිදරන්, විජය සේතුපති හට ලිපියකින් දැනුම් දී ඇත්තේ.

800 චිත‍්‍රපටයේ නිල චලන පෝස්ටරය ඉකුත් දා එළිදැක්වුණු අතර ඒ සමග දකුණු ඉන්දියාව තුළ එම චිත‍්‍රපටයට සහ සේතුපතිට දැඩි විරෝධයක් එල්ල වුණා. මෙම කරුණු පාදක කර ගනිමින් තමන් මෙම ඉල්ලීම සිදුකරන බවයි මුත්තයියා මුරලිදරන් පවසා ඇත්තේ. තමන් එම චිත‍්‍රපටයට එකගතාව පළ කළේ එව අනාගත පරපුරට සහ තරුණ කි‍්‍රකට් කී‍්‍රඩකයින් සඳහා උත්තේජනයක් ලබාදෙනු ඇතැයි යන අපේක්ෂාවෙන්. කෙසේවෙතත්, ඊට රංගනයෙන් දායක වන විජය සේතුපතිට ඉන් අගතියක් සිදුවනු දැකීමට තමන් අකමැති බව මුත්තයියා මුරලිදරන් සිය ලිපිය මගින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

කෙසේවෙතත් අදාළ ලිපියට ප‍්‍රතිචාර දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විජය සේතුපති, මුත්තයියා මුරලිදරන් හට සිය කෘතවේදීත්වය පළ කර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Related posts

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin

මන්ත්‍රී සුමිත් උඩුකුඹුරගේ නිවසට හානි කළ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

කුකුළා අරන් තොණ්ඩා ආණ්ඩුවට පනී.. ලොකු ඇමතිකමක් ලෑස්තියි !

colombotoday

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

අරලියගහ මැදුරේ යහපාලන මැතිවරණ දන්සැල් !

colombotoday