Colombo Today Local News

එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් මිලේනියම්  චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේ දී අද (17) සිදුකෙරිණි.
 
කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2019 දෙසැම්බර් මස 18 වැනිදා සිට මෙම සිව් පුද්ගල විද්වත් කමිටුව පත් කෙරිණි.
 
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
 
එම කමිටුව විසින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් සිදුකෙරෙන අතර ඔවුහු විවිධ පැතිකඩ ඔස්සේ මෙම විශ්ලේෂණය සිදු කරමින් පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
 ලිපි ලේඛන විමර්ශනය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමඟ සාකච්ඡා සහ සම්මන්ත්‍රණවල යෙදෙමින් මෙම ගිවිසුම පිළිබඳ තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරන අතර සහශ්‍රක අභියෝගතා සමායතනය පිළිබඳ පූර්ණ වාර්තාවක් ඔවුන් විසින් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිතය.

Related posts

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

colombotoday

හාල් පොල් බිත්තර මිල වැඩි ඇයි..ජනාධිපති සාකච්ඡාවක් කැඳවයි

Admin

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

කොරෝනා ආසාදිතයින් වැඩිම ගම්පහ

colombotoday

රන්ජන් ගේ හඬපට යලි කරළියට – අධිකරණයේ දී සිදු වූ දේ මෙන්න

colombotoday