කලින් වේලාවක් හා දිනයක් වෙන්කර ගැනීමෙන් පසුව විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීමේ ක්රමවේදය නතර කර ඇති බැවින් ඒ සඳහා උස්සාහ දැරීමෙන් වලකින ලෙස මහජන ආරක්ෂක අමාත්යංශය පවසයි.
මින් පෙර ක්රියාත්මක වූ විදේශ ගමන් බලපත්ර ලබා ගැනීමේ මාර්ගගත ක්රමවේදය අද 28 දින සිට ක්රියාත්මක වන පරිදි අත්හිටුවීම ඊට හේතුවයි.
ඒ අනුව අද සිට පැමිණි අනුපිළිවෙල අනුව විදෙස් ගමන් බලපත්ර නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා සිටි.
අද දින සිට දිනකට ගමන් බලපත්ර 750ක් නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත..