Colombo Today Local News

එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 700 ක් ආපසු එන්න ඉල්ලති

කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ විදේශගත ලාංකිකයින් සදහා විදේශ සබදතා අමාත්‍යාශය හඳුන්වා දුන් ”කන්ටැක්ට් ශ්‍රී ලංකා” සජීවී අන්තර්ජාල සබඳතාව ඔස්සේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17000කට වැඩි පිරිසක් මේ වන විට ලියාපදිංචි වී ඇතයි එම අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව පෙරේදා (28) දහවල් වන විට පුද්ගලයින් 17,457 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගෙන් 6,773 දෙනෙකු මැදපෙරදිග කලාපයෙන්ද 1,892 දෙනෙකු යුරෝපයෙන් ද, 1,302 දෙනෙකු දකුණු ආසියාවෙන් ද, 1,028 දෙනෙකු උතුරු ඇමරිකාවෙන් ද මෙන්ම, තවත් 6,000 කට අධික පිරිසක් ලෝකයේ වෙනත් රටවලින් ද ලියාපදිංචිව ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

‘ශ්‍රී ලංකාව අමතන්න’ නැමැති සජීවි අන්තර්ජාල සබදතාව ඔස්සේ මෙතෙක් ලැබී ඇති විමසීම් 700 කින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ නැවත මෙරටට පැමිණීමේ හැකියාව සම්බන්ධයෙන් යැයිද එම අමාත්‍යාංශය පෙන්වාදෙේ.

කෙසේ වෙතත්, රජය විසින් ඉකුත් 27 වැනිදා විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙත කරන ලද විශේෂ ඉල්ලීමට අනුව, කොරෝනා ආසාදනය වීමේ අවදානම අවම වන තෙක් සහ මෙම රෝගය ශ්‍රී ලංකාව තුළ මැඩපවත්වාගන්නා තෙක් ඔවුන් දැනට සිටින ස්ථානවලම ආරක්ෂිතව රැඳී සිටින ලෙස ඉල්ලා සිටින ලද අතර, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ක්ෂණික ගැටලු සඳහා අඛණ්ඩව පහසුකම් සැලසීම සහ විසඳුම් ලබා දීම පිණිස මෙම අමාත්‍යාංශය විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ජාලය හරහා පියවර කිහිපයක් ගෙන ඇත.

ඒ යටතේ ලාංකික ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳ සුභසාධනය, වීසා බලපත්‍ර දීර්ඝ කිරීම, රැකියා විරහිතයින්ට මූල්‍ය ආධාර නොමැතිකම, වැටුප් නොගෙවීම, වාණිජ ආයතන වසා දැමීම සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ දී සිදු කෙරෙන නිරෝධායනය පිළිබඳ ප්‍රශ්න යනාදිය, අනෙකුත් පොදු විමසීම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් සිදු කරන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

එම අධ්‍යාපන ආයතන, ශ්‍රී ලාංකික සිසුන් හා ශිෂ්‍ය ප්‍රජාව සමඟ සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඔවුන්ගේ සුභසාධනය සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට ද මෙම දූත මණ්ඩලවලට උපදෙස් දී ඇතැයි විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.

තවද මැදපෙරදිග හා ආසියාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයින් සම්බන්ධයෙන්, මෙම දූත මණ්ඩල සත්කාරක රජයන් සමඟ එක්ව විදේශගත ශ්‍රී ලාංකික සේවකයින්ට හැකි තාක් දුරට සාධාරණ සැලකිල්ල හා සහන ලබා දීම සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් , වැටුප ගෙවීමට අදාළව කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම සොයා බලන බව අමාත්‍යාංශය කියයි.

පවතින තත්ත්වය හමුවේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සහ ආධාර අවශ්‍ය වන ශ්‍රී ලාංකිකයින් සඳහා ආධාර සැපයීමේ දී ශ්‍රී ලාංකිකයින් විසින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා සංගම්, සංවිධාන සහ පූජනීය ස්ථාන සමඟ සම්බන්ධ වන ලෙස ද අමාත්‍යාංශය විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට දැනුම් දී අැත.

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව නිර්මාණට කළ මෙම සජීවී අන්තර්ජාල සම්බන්ධතාවය විදේශ සබදතා අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.mfa.gov.lk මත පිහිටුවා ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද ඊට පිවිසිය හැකිය. එමඟින් ලැබෙන විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා වෙනම නිලධාරීන් කණ්ඩායමක් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් යොදවා ඇත.

Related posts

දේපළ බලාකියා ගන්න එංගලන්තයේ සිට ආ කාන්තාවක් අතුරුදන්

colombotoday

විනෝද චාරිකාවක් යන්න ගිය තරුණයෝ දෙකක් දුම්රියේ ගැටී අවසන් ගමන් යයි

Admin

පළාත් සභාවලට උපරිම බලය බෙදන්න රාජිත බරටම වැඩ

colombotoday

ජනපති පුත් දහම්ගේ උපන් දිනයට රුවන්වැලි මහ සෑයට නෙළුම් මල් ලක්ෂයක පූජාවක්…

colombotoday

මහාචාර්ය මෙත්තිකා විතානගේ තවත් ලෝක සම්මානයකින් පිදුම් ලබයි

colombotoday

දිවයිනේ සියලු පාසල් මැයි 07 දක්වා පාසැල් වැසෙයි.

colombotoday