Colombo Today Local News

එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ප්‍රේමදාස ඇහුවා

හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරිමට 2014 අප්‍රේල් 17 දා හම්බන්තොට වරායට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිද්ධිය වූ දිනට පසුදින දුරකථන ඇමැතුමක් ලබා දී තමාගෙන් විමසූ බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට දී පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ හම්බන්තොට නගරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති මැතිවරණ කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීමකදීය.

වැඩිදුර අදහස් දැක්වූ එරාජ් රවීන්ද්‍ර මහතා මෙසේද කීවේය.

“හම්බන්තොට ජාත්‍යන්තර වරායේ එදා වූ සිද්ධිය මිරිජ්ජවිල ජනතාවත් හම්බන්තොට වරායේ සේවය කළ අයත් හොඳට දන්නවා. මම සී . අයි. ඩී එකට කියනවා මගේ දුරකතන වාර්තා ගන්න. ඒ සිදුවීම වූ දිනට ( අප්‍රේල් 17) පසුදා ( අප්‍රේල් 18) උදෑසන සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරලා ඇහැව්ව දේ අහන්න. මට කිව්වේ ‘එරාජ් මොකටද ඔය මන්ත්‍රීවරු බේරුවේ මටත් නොකිය හම්බන්තොටට ආවේ. අපරාදේ ගහල එළවන්න තිබුණේ” කියලා.

“නවීන තාක්ෂණය මගින් දුරකථන වාර්තා අරගෙන මට කතා කළේ කාගේ දුරකතනයෙන්ද එය සොයාබලා විස්තර ගන්න කියලා මම කියනවා. අරගෙන බලන්න සජිත් ප්‍රේමදාස මට මොනවාද කිව්වේ කියලා. මේක නැහැ කියල කියනවා නම් මම සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා හම්බන්තොටට ඇවිල්ල කියන්න එදා මම එරාජ්ට එහෙම කතාවක් කිව්වේ නැහැ කියලා” යනුවෙන් පැවසීය.

Related posts

පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට

colombotoday

ඉන්දියානුවන්යැයි සැක අය දැක්කොත් දැනුම් දෙන්න. | කොරෝනා මරණ දත්ත ගැන සැකයි – උපුල් රෝහණ

colombotoday

ගංජා සූස්ති ගහලා මංගල සමරවීරගේ මොලේ මඤ්ඤං වෙලා

colombotoday

බියර් මිල අඩුකිරීමෙන් බේබද්දො වැඩිවෙනවා.. විදුලි මෝටර්රථ මිල අඩු කිරීමෙන් විදුලි අර්බුධය දරුණු වෙනවා

colombotoday

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

colombotoday

දඹුල්ලේ ටයර් දමා පුළුස්සා තිබු පුද්ගලයා ඝාතනය වු හැටි

colombotoday