Colombo Today Local News

එජාපය සජිත්වාදීන් පන්නයි

හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා බාරදුන් සියලූම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූ බව ඉරිදා පුවත්පතකට පැවසීය.

මීට අමතරව දැනට වෙනත් පක්ෂ සමග එක්ව සිටින එජාපයෙන් තරඟකර පළාත් පාලන ආයතන සඳහා තේරීපත්වූ මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකර ඔවුන් මන්ත‍්‍රි ධුරවලින් ඉවත්කර අලූතින් පිරිසක් පත්කිරීමටත් පක්ෂය තීරණය කළ බවද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

පක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉකුුත් 23දා පැවැති පක්ෂනායක රැස්වීමේදී මෙම තීරණ ගනුලැබූ බව අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

colombotoday

රත්‍රං මිල ගණන් තවත් පහළට

Admin

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

ගැබ්ගෙල පිළිකා නසන එන්නතක්

colombotoday

පොතුවිල් විරෝධතා පාගමනට එක වූ මන්ත්‍රීවරුන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගනී

colombotoday

අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

colombotoday