Colombo Today Local News

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා එක් ජන්ද දායකයෙක් වෙනුවෙන් රුපියල් 523ක මුදලක් වැය කිරිමට සිදුව ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

2015 වර්ෂයේ මහ මැතිවරණය සමග සැසදීමේදී එක් ජන්දයක් වෙනුවෙන් වැය කරනු ලබන මුදල රුපියල් 325 කින් ඉහළ ගොස් ඇත.

මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ජන්ද දායකයින් සංඛ්‍යාව 16,263,885ක් වන අතර 2015 වර්ෂයේ දී පැවති මහ මැතිවරණය සමග සැසදීමේදී ජන්ද දායකයින් 1,219,395ක වැඩිවීමක් පෙන්නුම් කරනු ලබයි.

2015 වර්ෂයේදී මහ මැතිවරණය සඳහා වූ සමස්ත වියදම රුපියල් බිලියන 2.97ක් වුවත් මෙවර එය බිලියන 8.5ක් පමණ වනු ඇති බවයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Related posts

තෙල් ගේන්න පැරණි සමාගමටම ටෙන්ඩරය දෙයි

Admin

ගෑස් කාන්දුවක ගින්නකින් කුකුළු ගොවිපොළක පැටවු 3000ක් මරුට

colombotoday

සුරාබදු ලොක්කෙක් රටින් පැනීමේ සූදානමක?

Admin

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට

colombotoday

වසවිස නැති, කොන්ද පණ තියන කෙනෙක් මීළග ජනාධිපතිකමට ගේනවා – රතන හිමි

colombotoday