Colombo Today Local News

“එකසත් ජාතික පක්ෂය නිසයි මේ රට නැති වුණේ” – අස්ගිරි මහ නා හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂ පාලකයන් රටට හා ජනතාවට ආදරේ නැති බවත් එය ප්‍රසිද්ධියේ බයක් නැතිව නිර්භයව ප්‍රකාශ කරන බවත් තමන්ට නැතිවෙන්නට හා ඇතිවෙන්නට  දෙයක් නැති මුත්  රට ජාතිය වෙනුවෙන්  කෙළින් කථා කිරිම අවශ්‍ය බවත් අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසති.

අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් මෙසේ පැවැසුයේ ඊයේ (15දා) ඓතිහාසික දොඩම්වල දියකෙළිනාවල කිත්සිරිමෙවන් රජමහා විහාරස්ථානයේ 21 රියන් බුද්ධ ප්‍රථිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය හා නිරිරණය කිරිමේ උත්සව අවස්ථාවේදිය.

“රට රැක ගැනිම ගාමිණි දිසානායක මැතිතුමාගේ කාලෙන් පස්සෙ අවසානයි. ඉන් මෙහා ඇති වෙච්ච එක්සත් ජාතික පක්ෂ පාලකයෝ මේ රටට ආදරේ නෑ. මේ රටේ ජනතාවට ආදරේ නෑ කියල අපි ප්‍රසිද්ධියේ කියනව කිසි බයක් නෑ.

අපි නිර්භයව කියනව අපිට නැතිවෙන්න දෙයකුත් නෑ ඇතිවෙන්න දෙයකුත් නෑ නමුත් අපි කෙළින් කතා කරන්නට ඕන මේ රට ආරක්ෂා වෙන්නට ඕන. සිංහල ජාතිය ආරක්ෂා වෙන්නට ඕන බෞද්ධයන් ආරක්ෂා වෙන්නට ඒකයි අපේ පරමාර්ථය.

භික්ෂුන් වහන්සේලා කැපවෙන්නෙ අපේ සිංහල ජනතාව රැකගන්න බුද්ධාගම රැකගන්න තමයි අපි කොතනත් කතා කරන්නෙ අපි නිහඬව හිටියා නෙමෙයි අපි ආපු හැම නායකයෙකුටම කිව්ව අපි ප්‍රසිද්ධ වෙන්න කතා කළේ නෑ. ඒ අයට කරුණාවෙන් සිහිකරලා මේ අවස්ථාවේ කළ යුත්තෙ මේ දේ කියල.

ඊයේ පෙරේද ආපු දේශපලඥයෙකුටත්  මම සඳහන් කළා එයා එක්සත් ජාතික පක්ෂයෙ කෙනෙක් එයාට මම කිවුව එක්සත් ජාතික පක්ෂය ඉවර වෙලා තියෙන්නෙ කියල ආයෙ මේකට පණ දෙන්න පුලුවන් කමක් නෑ එකසත් ජාතික පක්ෂය නිසා තමයි මේ රට නැති වුණේ කියල මම කෙලින්ම කිවුව.”

Related posts

නැවේ ගින්න පාලක මැදිරිය දෙසට ව්‍යාප්ත වෙයි. | දකුණු පසට ඇලවීම නිසා ඇතැම් බහාලුම් මුහුදට

colombotoday

විභාග මධ්‍යස්ථාන වෙත යන්න අපහසුතා ඇති මාතර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Admin

ඊළඟ ඡන්දෙදි ජනතාව රංජන්ගෙත් හරීන්ගෙත් හොම්බට ගහනවා

colombotoday

හතර කේන්දරේ පාළු චීවරධාරීන් රට පස්සට ඇද්දා – මංගල සමරවීර

colombotoday

මහින්ද නැවත ජනාධිපති විය යුතුයි – ඉන්දීය හිටපු ඇමති කියයි

colombotoday

නව අමාත්‍ය මණ්ඩලය 14 වෙනිදා දිවුරුම් දෙයි- මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

colombotoday