Colombo Today Local News

එකම ස්ථානයකදී කොටි දෙදෙනෙකු මදුවලට හසුවී එක් කොටියෙක් මියයි

එකම ස්ථානයකදී මදුවලට හසුවී සිටි පැන්තරා පාදුස් විශේෂයට අයත් කඳුකර කොටි දෙදෙනෙකු කොත්මලේ, හෙල්බොඩ වතුයායේ පුදුකාඩි කොටසේදී අද (23) හමුවූ බව වනජීවී නිලධාරීහු පවසයි.

මදුවලට හසුව සිටි එක් සතෙක් මිය ගොස් සිටි අතර, අනෙක් කොටියා තුවාල වී සිටියදී බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වී ඇත.

මියගොස් සිටි කොටියා අඩි හයක් පමණ දිග නිරෝගී සතෙකු බවද වනජීවී නිලධාරීන් පවසයි.

තුවාල ලබා සිටි කොටියා නිර්වින්දය කොට වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා නුවරඑළියට රැගෙන යාමට වනජීවි නිලධාරීන් පියවර ගෙන ඇත.

දඩයක්කරුවන් විසින් වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් අටවා තිබු මදුවලට හොඳින් වැඩුණු මෙම කොටියන් දෙදෙනා හසුව ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.

Related posts

සමාජ මාධ්‍යයෙන් කාන්තාවන්ට මඩ ප්‍රහාර එල්ලකරන්නන් ගැන වැඩි අවදානයක්

colombotoday

විද්‍යාඥයින් කියන දේ නොතේරෙයි. බුද්ධියට වඩා අන්ද භක්තිය ඉහල යයි. භූමදානය ඉල්ලා ඇමති අලි සබ්‍රිගෙන් තවත් Facebook සටහනක්

colombotoday

හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ වරාය ඉන්දියාවට !

colombotoday

චාවාකච්චේරි අනතුරින් මියගිය අයට උතුරේ වැසියන් ඉටිපන්දම් දල්වා ගෞරව දැක්වූ හැටි (Photo)

colombotoday

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

කෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතු දිවි නසා ගනී

colombotoday