රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව පවතින විමර්ශන සඳහා වහාම මෙරටට පිටුවහල් කරන්නැයි ශ්‍රී ලංකා පොලීසිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති මූල්‍ය අක්රමිකතාව සම්බන්ධයෙන් මෙරට පවතින අධිකරණ කටයුත්තක් සඳහා මෙම සැකකරු වහාම මෙරටට පිටුවහල් කරන ලෙස මෙම ඉල්ලීම සිදුකර ඇතැයිද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
ලංකාදීප