Colombo Today Local News

උතුරේ නව ආණ්ඩුකාරවරයා ගැන විග්නේෂ්වරන් කියන දේ…

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් මහතා පත්කිරීම පිළිබඳව තමන් සතුටුවන බව එම පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි. විගේන්ෂ්වරන් මහතා පවසනවා. 

තම පළාතේ ආණ්ඩුකාර ධූරය වෙනුවෙන් ද්‍රවිඩ ජාතිකයෙකු පත්වීම වැදගත් කරුණක් බවයි හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. නව ආණ්ඩුකාර ධූරයට පත්වු රාගවන් මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් විග්නේෂ්වරන් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

 ද්‍රවිඩ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවබෝධයක් පැවතීමත්, ඒ පිළිබඳ ද්‍රවිඩ ජාතිකයෙකු ලෙස සිතමින් කටයුතු කිරීමත් මගින්  පළාතේ වැඩ කටයුතුවලට දැඩි සහයක් ලැබෙන බවයි හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

 ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ප්‍රථම වරට ද්‍රවිඩ ජාතිකයෙකු පත්කිරීම සම්බන්ධයෙන් තමන්, ජනාධිපතිවරයා වෙත ස්තුතිය පලකරන බවද අදාළ සුභ පැතුම් පණිවුඩය මගින් සී,වි විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් දන්වා තිබෙනවා. 

Related posts

ජාතික ඉන්ධන අවසරපත අද සිට ක්‍රියාත්මකයි | ක්ෂේත්‍ර කිහිපයකට ඉන්ධන දෙන්න නව වැඩපිළිවෙළක්

colombotoday

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

කන්දකාඩුවෙන් රැඳවියන් පහක් පැන යයි

Admin

නැව මුදාහැරීමට සෝමාලි මුහුදු කොල්ලකරුවන් කප්පම් ඉල්ලයි.. නැව බේරාගන්නා හැටි සේනාධිපති කියයි (Video)

colombotoday

විකට නළු බන්දුට ඉතාලියේ තනතුරක්

colombotoday

පොලිසියේ 2891 කට උසස්වීම්

colombotoday