Colombo Today Local News

උතුම් මිනිසුන්ට අවි එසවීමගැන මා කනගාටුවෙනවා – තමිලිනි ලියු පොත පෙබරවාරියේ එළියට

thamilini

කලක් එල්.ටී.ටී.ඊ. කාන්තා දේශපාලන අංශයේ නායිකාව ලෙස ක්‍රියා කළ සුබ්‍රමනියම් ශිවකාමි හෙවත් තමිලිනී විසින් ලියන ලද පොතක් ලබන පෙබරවාරි මාසයේදී දෙමළ බසින් එළි දැක්වීමට නියිමිත බව වාර්තා වෙනවා.

එම පොතේ සිංහල පරිවර්තනය ලබන අප්‍රේල් මාසයේදී එළිදැක්වෙන බවද පැවසේ.

ගැටුම් පැවති අවසන් සමයේ ආරක්ෂක අංශ භාරයට පත් වූ තමිලිනී, පුන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වසර දෙකහමාරක පමණ කාලයක් පුනරුත්ථාපනය ලැබීමෙන් පසුව 2013 වසරේ මුදා හැරිණ.

පුනරුත්ථාපනය වූ කාලයේදී ඇය වැඩි කාලයක් වැයකර තිබුණේ සිංහල භාෂාව ඉගෙන ගැනීමට බව පැවසේ.

කෙසේවුවද ඇය මිය යාමට පෙර ඇය ලියූ අවසන් වදන් අතර “මෙවන් උතුම් මිනිස්සු පිරිසකට එරෙහිව අවි එසවීමට සිදුවීම ගැන කනගාටුවෙනවා” යනුවෙන්ද සටහනක් වූ බව පැවසේ.

එසේම ඇගේ පොත විකිණීමෙන් පසුව ලැබෙන මුදල් මහරගම පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ අවශ්‍යතා වෙනුවෙන් වැයකරන ලෙසද අවසන් වශයෙන් ඇය ඉල්ලා තිබූ බව වාර්තා වේ.

පරන්තන්හි පදිංචිව සිටි 43 හැවිරිදි තමිලිනී මියගියේ පසුගිය ඔක්තෝබර් 14 වැනිදා මහරගම ජාතික පිළිකා රෝහලේදීය.

Related posts

අද තියන්නේ සිංහල සිසුන්ට සිංහල වීම නිසා යාපනයට යෑමට නොහැකිවීම පිළිබද ප්‍රශ්නයක් !

colombotoday

ළමා ඉතුරුම් ගිණුම්වලට පැනවූ බද්ද ඇමති මංගල හකුලා ගනියි

colombotoday

ආසාදිතයන් ගණන 611 දක්වා ඉහලට

colombotoday

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

දණගැස්වූ ගුරුවරියගෙන් ඌව මහ ඇමති මිලියන 500ක් ඉල්ලයි

colombotoday

උද්ධමනය ඉහළට…

colombotoday