Colombo Today Local NewsCovid 19

ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 40ක් හදුනා ගනී

මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1991ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඒ, ඊයේ (23) දිනය තුළ හදුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 40 දෙනාත් සමගයි.

ඊයේ දිනයේ හදුනාගත් අසාදිතයින් අතර ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 29 දෙනෙකු සහ අමෙරිකාවේ සිට පැමිණී 11 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතයින් 22 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

අයි.ඩී.එච්, වැලිකන්ද, කාත්තන්කුඩි, හෝමාගම සහ තෙල්දෙණිය යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගෙන් 1548 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් වෛරස ආසාදිතයින් 432 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

මේ අතර දිනකට පි.සි .ආර් පරීක්ෂණ 500 ක් සිදු කළ හැකි රෝග නිශ්චය කිරීමේ විශේෂිත අණුක ජීව විද්‍යා රසායනාගාරය අද (24) විවෘත කිරීමට නියමිතයි.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කර ඇති අධි තාක්ෂණික අණුක ජීව විද්‍යාගාරය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

Related posts

අනියම් බිරිඳ සමග බහින්බස් වූ 71 පෙම්වතා ගිනි තබා ගනී

colombotoday

“තරග දිනන්න බඩ බාධාවක් නොවේ.. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් ක්‍රිකට් විනාශ කරා“ – අර්ජුන

colombotoday

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවන්නැයි දැනුම්දීමක්

Admin

හෙට දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ

Admin

පළමු ඉණිම අසාර්තක වුවත් දෙවනි ඉණිම හරියට ක්‍රීඩා කරනවා…

colombotoday