Colombo Today Local News

ඊනියා මාධ්‍යවේදීන්ට එන්ජීඕකාරයන් ලොකු වුණාට ජාතිය රකින ඥානසාර හිමියන්ව රටට වටිනවා

කොටින්ට ඡායාරූප තොරතුරු යවපු මාධ්‍යවේදීන්ට එන්.ජී.ඕ. කාරයන්ව ලොකු වුණාට රට, ජාතිය වෙනුවෙන් හඬ නඟපු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රටට වටින නිසා උන්වහන්සේ නිදහස ලැබීම මාතෘ භූමියට ආදරේ කරන සියලු දෙනාගේ ප්‍රාර්ථනාව බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ බොදුබල සේනා සංවිධානය ඊයේ (29දා) රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.

එහිදී උන් වහන්සේ මෙසේද පැවැසූහ.

එදා වාරියපොළ සුමංගල හාමුදුරුවන්ට මේ රටේ අයත් පහර දුන්නා. උන්වහන්සේ ජාතික වීරයෙක් බව මෙරටුන්ට තේරුණේ පසු කාලයේදීයි. එවැනි සඟ පරපුරක අපි දේශපාලනඥයන්ට එහෙයි කියන්න සූදානම් නැහැ. වරදක් දුටුවිට ඒක කියන්න සෘජු පටිපන්න ගුණයක් භික්ෂුන්ට තිබෙනවා. එවැනි අභීත භික්ෂුවක් වන ඥානසාර හිමියන් රට වෙනුවෙන් තම කාර්යභාරය කළා.

එදා ඥානසාර හිමි හිතුවටත් වඩා ප්‍රමාණයෙන් මුස්ලිම් අන්තවාදය, දමිළ බෙදුම්වාදය, ක්‍රිස්තියානි මූලධර්මවාදය මේ රටේ ව්‍යාප්ත වෙනවා. මේවා පෙන්වාදීම තමයි ඥානසාර හාමුදුරුවන්ට ඇතැමුන් වෛර කරන්නේ.
තමන් මරන්න හදපු ත්‍රස්තවාදීයාටත් ජනාධිපතිතුමා සමාව දුන්නා. එහෙව් එකේ රටේ බුද්ධි අංශ වෙනුවෙන් කතා කළ ඥානසාර හාමුදුරුවන්ට නිදහස නොදෙන්න හේතුවක් නැහැ.

මැ¾ඩිල්ලේ පඤ්ඤාලෝක හිමි,
ඥානසාර හාමුදුරුවො මරාගෙන මැරෙනව කියපු අසාද් සාලි මහත්තයත් උන් වහන්සේ නිදහස් කළ යුතු බව කියනවා. විග්නේශ්වරන්, සුමන්තිරන් වැනි අන්තවාදී දේශපාලකයො අන්තවාදී බෙදුම්වාදී අදහස් ගෙන ගියත් ඥානසාර හාමුදුරුවො නිදහස් කරන්න එපා කියලත් නැහැ. බෞද්ධ, හින්දු, මුස්ලිම් ජනනායකයො, සංවිධාන ඥානසාර හිමි නිදහස් කර ගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මහ නායක නාහිමිවරුන් ඇතුළු සියලු ඉල්ලීම් පසෙක දමන්නෙ නැතුව තම සද්භාවය ප්‍රකාශ කරන්න කියල අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මාගල්කන්දේ සුදත්ත හිමි,

ඇතැම් දේශපාලන කල්ලි උන්වහන්සේ දේශපාලන ගොඩකට දමන්න උත්සාහ කරනවා.
ඥානසාර හාමුදුරුවො මතුකරපු තර්කය දෙසයි සියලු දෙනා බැලිය යුත්තෙ. ඒ කරුණු දෙස බලා පිළියම් යෙදීමයි කළ යුත්තේ. ත්‍රිපිටකය ජාතික උරුමයක් හෝ ලෝක උරුමයක් බවට පත් කළාට වැඩක් නැහැ. ඒවා රකින්න හාමුදුරුවරු නැති වුණොත්. මේ යථාර්ථය අවබෝධ කරගෙන ජනාධිපතිතුමා ඥානසාර හිමියන් නිදහස් කරාවි කියල රටේ ජාතිමාමක පිරිස බලාපොරොත්තු වෙනවා.

Related posts

නායකත්වය විවේචනය කළ ඒකාබද්ධයේ මන්ත්‍රීන් හයක් ශ්‍රීලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

අලුත් ගොඩනැගිල්ලක් හදන්න චන්ද්‍රිකාටත් ලක්ෂ 170ක්.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday

අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

Photos : මීගමුව නොසන්සුන්… හෙට උදේ 7 දක්වා ඇඳිරිනීතිය පනවයි

colombotoday

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin